leader s

නව වසරේ චීනයේ ජාතික සංවර්ධන අරමුණු සැලසුම් කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(05) උදෑසන බෙයිජිංහිදී ආරම්භ වුණා . ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී.

සමස්ත චීනයේ,සියලුම ජනවර්ගයන්ට අයත් විවිධ ක්ෂේත්‍රවල ජාතික මහජන කොංග්‍රස් නියෝජිතයෝ 3,000කට ආසන්න පිරිසක් ඊට එක්ව සිටියා.

ජාතික මහජන කොංග්‍රසය චීන රාජ්‍ය පාලනයේ ඉහළම ආයතනයයි. වසර පහක ධුර කාලයක් පවතින ජාතික මහජන කොංග්‍රසය සෑම වසරකම සිය පූර්ණ සැසිය පවත්වනවා. මෙවර සැසිවාරයේ දී ද චීන අග්‍රාමාත්‍ය ලී චන්ග් මහතා 2025 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළා.
 
WhatsApp Image 2025 03 05 at 8.49.55 AM
එම වාර්තාවට අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවරව ව්‍යාප්ත වී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වී ඇති අතර ආර්ථික වර්ධන අනුපාතය සියයට 5ක් බවයි ප්‍රකාශ වුණේ. එය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ වීම විශේෂත්වයක්. චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථිකයට වන දායකත්වය සියයට 30ක මට්ටමක අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව ඇති බව ද සදහන් වුණා.
ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර මෙවර හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව චීනය නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර තිබෙනවා. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වැඩි කිරීමටද චීනය මේ වසරේ අපේක්ෂා කරනවා.

WhatsApp Image 2025 03 05 at 8.49.55 AM 1
2025 වසරේ  චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වුණා. එමෙන්ම නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂිත බව ද වාර්තා වනවා.
 
දිනුෂි ධීරසිංහ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්