චීනය කැනඩාවෙන් ආනයන කරන ලද රැප්සීඩ් තෙල් හා ධාන්‍ය වර්ග ආදී නිෂ්පාදන කිහිපයක් සඳහා 100% ක අතිරේක තීරු බදු මාර්තු 20 දින සිට පැනවීමට තීරණය කර තිබෙනවා.
චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. චීන විදුලි වාහන සඳහා 100% ක අතිරේක තීරුබදු සහ චීන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව කැනඩා රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළා. කැනඩාවේ ඒකපාර්ශ්වික අතිරේක තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති නොසලකා හැරීමක් මෙන්ම වෙළඳ ආරක්ෂණවාදී පියවරක් බව සඳහන් කරමිනුයි චීනය මෙම ප්‍රතිපියවර ගෙන තිබෙන්නේ.

කැනඩාව පැනවූ බදු නිසාවෙන් චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති අතර චීන-කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවලට හානි වී ඇතැයි ද චීනය පවසනවා.
ඊට එරෙහිව ප්‍රතිචාර දක්වමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2025 මාර්තු 20 වන දින සිට කැනඩාවෙන් ආනයනය කරන රැප්සීඩ් තෙල් සහ තෝරාගත් ධාන්‍යවර්ග සඳහා 100% ක අතිරේක තීරුබදු පනවන බවත් කැනඩාවෙන් ආනයනය කරන ජලජ නිෂ්පාදන සහ ඌරු මස් සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බවයි.






