leader s

මාරාන්තික “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරමින් වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසුව

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ රැගත් ගුවන් යානයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ට ඔහු බාර දීම පිනිස නෙතර්ලන්තයේ හේගු නුවර බලා මැනිලා නුවරින් පිටත්වූ බව ඊයේ එනම් මාර්තු 11 දින පිටත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා කළේය.

දුතර්තේ සිය කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය හරහා 2016 සිට 2022 දක්වා එරට ජනාධිපතිව සිටියදී සහ ඊට පෙර ඩාවෝ නගරයේ නගරාධිපතිව සිටියදී දහස් ගණනක් මිනිසුන් මරා දමන ලදී.

79 හැවිරිදි දුතර්තේ ඊයේ උදෑසන හොංකොං සිට පිලිපීන අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමෙන් මොහොතකට පසු පොලිස් භාරයට ගන්නා ලදී.

 එරට වත්මන් ජනාධිපති වන්නේ දශක ගණාවක් පිලිපීනය පාලනය කල ඒකාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත්‍රයාය. ජූනියර් මාර්කොස් නම් වේ.

දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ICC පිහිටා ඇති නෙදර්ලන්තයේ හේග් වෙත යවන ලද බව ඔහු තහවුරු කර තිබේ.

අරුමයකට මෙන් උප ජනාධිපති වන මෙම දුතර්තේගේ දියණිය වන සාරා වෙරෝනිකා කියා සිටින්නේ තම පියා “බලහත්කාරයෙන්” හේගු නුවර වෙත යවන ලද බවයි.

duterte war on drugsඝාතනය කල නිරායුධ වැසියන්ට යුක්තිය ඉල්ලා දේස් විදෙස් මවාය හිමිකම් ව්‍යාපාර උද්ඝෝෂන කළහ
ඔහුගේ 2016 මැතිවරණ ව්‍යාපාරය අතරතුර සහ පසුව ජනාධිපති ධුරය දැරූ කාලය තුළ, ඔහු නැවත නැවතත් පොලිසියෙන් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය සැකකරුවන් “මරන්න” හෝ මාරාන්තික වෙඩි තැබීම් සාධාරණීකරණය කිරීම සඳහා සැකකරුවන්ට එරෙහිව සටන් කිරීමට දිරිගැන්වීමටයි.

2016 ජුනි 30 වන දින බලයට පත්වීමෙන් පසු, ඔහු වහාම රටේ කතෝලික නායකයින් විසින් “භීෂණ යුගයක්” ලෙස විස්තර කරන ලද ඔහුගේ මාරාන්තික ව්‍යාපාරය දියත් කළේය. ඔහුගේ වසර හයක ධුරය තුළ, පොලිස් වාර්තාවලට අනුව, නිල මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී 7,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

නමුත් මානව හිමිකම් ක්‍රියාදරයින් පවසන්නේ මරණ සංඛ්‍යාව 30,000 කට වඩා වැඩි බවය. ඝාතකයින් සමහරක් පසුව පොලිස් නිලධාරීන් බවට පත් වූ බවත්ය.

ICC ඉදිරියේ ගොනු කරන ලද පැමිණිල්ලේ සියලුම ඝාතන ආවරණය කර නොමැත. නමුත් මානව හිමිකම් උපදේශකයින් සහ වින්දිතයින්ගේ පවුල්වල නීතිඥයින් හේග් අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු සිය ගණනකින් සාක්ෂි සම්පාදනය කිරීමට සමත් විය.

මෙම වරෙන්තුව නිකුත් කරන ලද්දේ ඒ අනුවය.

 

ap25070125242828

අඟහරුවාදා ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, දුතර්තේ වරෙන්තුවේ පදනම ප්‍රශ්න කරමින්, “මම කළ අපරාධය කුමක්ද? යැයි අසා තිබේ.

සෑම ඒකාධිපතියකුම තමන්ට ඉතිහාසයේ ඉරණමට මුහුණ දීමට සිදුවන විට අසන ප්‍රශණය එයයි. ලංකාවෙහි දී රාජපක්ෂ පවුල අසන ප්‍රශ්ණයත් එයම වීම ඉතිහාසයේ සරදමකි.

“මම පාපයක් කළා නම්, පිලිපීන අධිකරණවල, පිලිපීන විනිසුරුවන් සමඟ මට නඩු පවරන්න, මගේම ජාතියේ සිරගත වීමට මම ඉඩ දෙන්න,” යැයි ඔහු පසුව වීඩියෝවකින් පැවසීය.

ඔහුගේ අත්අඩංගුවට ගැනීමට ප්‍රතිචාර වශයෙන්, ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එහි දී, දුතර්තේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ “ICC නිකුත් කරන ලද ඕනෑම වරෙන්තුවක් බලාත්මක කිරීමෙන් හෝ ක්‍රියාත්මක කිරීමට සහාය වීමෙන් වළකින ලෙසත්… නඩුව විභාග වෙමින් පවතින අතරතුර ICC සමඟ සියලු ආකාරයේ සහයෝගීතාවයන් අත්හිටුවන ලෙසත්” ය.

 



දුතර්තේ සහ ගෝටා

දුතර්තේ සිය පාලන කාලය තුලදී ජ්‍යත්‍යන්තර අපරාධ අධීකරණයෙන් එරට ඉවත් කර ගත්තේය. හරියට ගෝඨාභය සිය පාලන කාලයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙහි ශ්‍රී ලංකාව පිළිබඳ දෙරටම එකඟවූ 2025 සැප්තැම්බර් යෝජනාවෙන් ඉවත් වූ පරිදිය.

එසේ නමුත් ජ්‍යාතන්තර අපරාධ අධිකරණය කියා සිටියේ සාමාජිකයෙකු ලෙස ඉවත් වීමට පෙර සිදු වූ බව කියන මානව වර්ගයාට එරෙහි අපරාධ ඉවත් වීමට පෙර දුතර්තේ යටතේ කරන ලද  අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය එයට ඇති බවය.

ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීම විවේචනය කළද,  සමාජ ක්‍රියාකාරීන් එය ඔහුගේ මත්ද්‍රව්‍ය යුද්ධයෙන් මියගිය අයට සහ ඔවුන්ගේ පවුල් සඳහා “ඓතිහාසික මොහොතක්” ලෙස හැඳින්වන බව පිලිපීනයේ මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සන්ධානය (ICHRP) පැවසීය.

https d1e00ek4ebabms.cloudfront.net production 8cdafe42 662f 49ad 8255 72901f4c55e7

“සදාචාරාත්මක සාධාරණත්ව චක්‍රය දිගුය, නමුත් අද එය යුක්තිය දෙසට නැඹුරු වී ඇත. දුතර්තේ අත්අඩංගුවට ගැනීම ඔහුගේ කුරිරු පාලනයේ සළකුණ වූ  සමූහ ඝාතන සඳහා වගවීමේ ආරම්භයයි,” එහි  සභාපති පීටර් මර්ෆි පවසා තිබේ.

ඩුටර්ටේ අත්අඩංගුවට ගැනීම “පිලිපීන ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය” සනිටුහන් කරයි, යනුවෙන්  පිලිපීන දේශපාලන විචාරකයකු වන රිචඩ් හෙයිඩේරියන් පැවසයි. “මෙය නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ කාරණයකි”  යැයි ඔහු පවසයි.

ආපු ගමන් ගත්තේ උසාවි යන එකත් වළක්වන්න

ජනාධිපති මාර්කෝස් ජූනියර් විසින් දුතර්තේ ගුවන් තොටුපොළහිදීම අත්අඩංඟුවට ගෙන ඇත්තේ ඔහු පිලිපීනයෙහි අධිකරණය හමුවට ගොස් කල් ගැනීමට ඉඩ නොදිමට බව විචාරකයෝ කියති.

එනමුත් ලංකාවේ දී දේශබන්දු “බාර වෙනකම් ඉන්නවා. එයා හිටපු පොලිස්පතිනේ” කියූ මෙරට ජනාධිපති ඔහුට සැඟවීමට සහ අධිකරණය හමුවට ගොස් කල් ගැනීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉඩ ලබා දුන්නේය.

 



“දුතර්තේගේ ආධාරකරුවන් බලාපොරොත්තු වූයේ මහජන රැලි පවත්වා සියලු ආකාරයේ ප්‍රමාද කිරීමේ උපක්‍රම භාවිතා කළ හැකි බවත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවේ බලය නැති වන තුරු අධීකරණ ක්‍රියාවලිය ඇදගෙන යා හැකි බවත්ය,”  යැයි  රිචඩ් හෙයිඩේරියන් පවසා තිබේ.

නමුත් එය වැරදුණි.

දුතර්තේ සහ මාකෝස් පවුල් 2022  පැවැති මැතිවරණයේදී බලවත් සන්ධානයක් පිහිටුවා ගත්තේය. දුතර්තේට අවශ්‍ය වූයේ සිය දියණිය ජනාධිපතිනිය කිරීමටය. නමුත් සාරා මාකෝස් ජූනියර්ගේ උප සභාපතිනිය ලෙස ඉදිරිපත් විය.

පවුල් දෙක වෙනම දේශපාලන න්‍යාය පත්‍ර අනුගමනය කිරීමත් සමඟ මෑත මාසවලදී විරුද්ධවාදීකම් ඉස්මතු විය.

මාකෝස් මුලින් ICC විමර්ශනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ නමුත් දුතර්තේ පවුල සමඟ ඔහුගේ සම්බන්ධතාවයන් පිරිහී ගිය විට, තම ස්ථාවරය වෙනස් කොට  පිලිපීනය ICC ය සමග සහයෝගයෙන් කටයුතු කරන බව ඇඟවීය.

 

Philippine presidential race front-runner Davao city mayor Rodrigo Duterte gestures during his final campaign rally in Manila, Philippines on Saturday, May 7, 2016. A bruising presidential campaign drew to a close in the Philippines Saturday with a last-minute attempt by the president to unify candidates against a front running mayor perceived as a threat to democracy virtually collapsing. (AP Photo/Aaron Favila)
2016 මැතිවරණය අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කිරීම සඳහා මරණයේ භාෂාවෙන් කතා කරන වෙනස් දේශපාලනඥයෙකු දුතර්තේ ලෙස පෙනී සිටියේය.

හරියට 2019 දී ගෝටා බලයට පැමිණි අන්දමටය.

” ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත පදනම්ව, හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ අත්අඩංගුවට ගැනීමට ප්‍රතිචාර දක්වමින්, ජ්‍යතන්තර ක්ෂමා සංවිධානයේ මහ ලේකම්වරිය වන  ඇග්නස් කැලමාර්ඩ් මෙසේ පවසයි.

“රොඩ්රිගෝ  දුතර්තේ අත්අඩංගුවට ගැනීම ඔහුගේ පරිපාලනයේ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ’ දහස් ගණනක් වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයට යුක්තිය ඉටු කිරීම සඳහා දිගු කලක් බලා සිටි සහ ස්මාරක පියවරකි.  ‘මගේ රැකියාව මිනීමැරීමයි’ යැයි පැවසූ පුද්ගලයා, රාජ්‍ය අනුමැතිය ලත් ඝාතන සඳහා හිතාමතාම, පුළුල් හා හොඳින් සංවිධානය කරන ලද ව්‍යාපාරයක කොටසක් ලෙස, දරුවන් ඇතුළු වින්දිතයින් වෙඩි තබා ඝාතනය කිරීම අධීක්ෂණය කළේය”

25034c5d c4bd 40ad 90fe 02a2febb0289 d67f8fb3

“ICC වරෙන්තුවක් මත දුතර්තේ අත්අඩංගුවට ගැනීම පිලිපීනයේ සහ ඉන් ඔබ්බට වින්දිතයින් සඳහා බලාපොරොත්තු සහගත ලකුණකි. රජයේ නායකයින් ඇතුළු දරුණුතම අපරාධවල සැකකටයුතු අපරාධකරුවන්ට ලෝකයේ කොතැනක සිටියත් යුක්තියට මුහුණ දිය හැකි බවත් ඔවුන් යුක්තියට මුහුණ දෙන බවත් එයින් පෙන්නුම් කෙරේ.”

දුතර්තේගේ වාචාලකම සහ  ඝාතන ගැන සෘජු ප්‍රකාශ ඔහුට “නැගෙනහිර ඩොනල්ඩ් ට්‍රම්ප්” යන අන්වර්ථ නාමය ලබා දුන්නේය. ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහුගේ ” වන්දනා පිළිමය” ලෙස හැඳින් වීය.

ඔහු ස්ත්‍රීන් සම්බන්ධයෙන් දුෂ්ඨ ලිංගික කතා කීවේ බයක් සැකක් නැතිවය.

ඔහුගේ පරිපාලනය යටතේ පිලිපීනය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය එහි දිගුකාලීන සගයා වූ එක්සත් ජනපදයෙන් ඈත් කර චීනයට යොමු කළ නමුත් මාර්කොස් ජූනියර් යළි ඇමෙරිකානු කක්ෂයට රට ගෙන ගියේය.

මේ සිදුවීම ලංකාවේ එවැනි අපරාධකරුවන්ටද යස පාඩමක් වනු නොඅනුමානය.

sunanda deshapriya
(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


(උපුටා ගැනීම - srilankabrief.org)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්