leader s

යුක්රේනය, ඉරානය හා හමාස් සංවිධානයේ කරටි මිරිකා යුද්ද වලට තිත තැබූ ජනපති ට්‍රම්ප්, ඇමෙරිකාවට සාධාරණය ලබා ගන්නා වෙළෙද යුද්ධයක්

අරබා තිබේ.

ඇමෙරිකාව ලොව ප්‍රබලම ජාතිය කිරීම ට්‍රම්ප් ගේ නොනිමි අරගල හා සිහිනය වේ.
 
තම යාබදම රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවට 25% ක අධික බදු ගැසු පසු කැනඩා අගමැති හා මෙක්සිකෝ ජනපතිනිය සමග කල කතාබහකදී එය මාසයක් පසුපසට තල්ලු කළ නමුත් යලිත් එය ගෙඩි පිටින්ම පැනවීමට තීන්දු කොට තිබේ.

තමන් ද ඇමෙරිකානු භාණ්ඩ සදහා අධික බදු පනවන බව එම දෙරටම ප්‍රකාශ කලා පමණක් නොව ලෝක වෙළෙද සංවිධානයේ (WTO) හි ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට ද ඔවුහු ක්‍රියා කිරීමට සැරසේ.
 

බදු අසාධාරණ බවට ට්‍රම්ප් ට එරෙහිව WTO වෙත නඩු රැසක්..

xdfgrt

චීනයට බදු ගැසූව ද ඔවුන් ඇමෙරිකානු වෙළෙද පොළ පමණක් නොව ලෝක ව්‍යාප්ත වෙළෙද පොළක ක්‍රියාත්මක වන නිසා ඹවුන්ට පැනවූ 10% ක බද්දට සාපේක්ෂව ඇමෙරිකාවෙන් චීනයට එන භාණ්ඩ වලට ද විශේෂ බද්දක් පනවන බව ප්‍රකාශ කොට තිබේ.

තවද WTO වෙත නඩු දමමින් ලෝක වෙළෙද සාමයට ඇමෙරිකාව බාධා කරන බවට ද පැමිණිලි කිරීමට චීනය සැරසේ.
 

බදු දැලේ දෙවන වටයට ඉන්දියාව, දකුණු කොරියාව හා ඊජිප්තුවත් බිළි..!

xdrye56

ට්‍රම්ප් ගේ දෙවන බදු වටයට බිළි වන්නේ ඉන්දියාව දකුණු කොරියාව හා ඊජිත්තුවය. එය අප්‍රේල් 02 සිට පැනවේ.

විශේෂයෙන් ඉන්දියාව වසරකට ඩොලර්  බිලියන 90 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන අතර එය ඉන්දියානු අපනයන වලින් 24% කි.

ඇමෙරිකාව විසින් ඉන්දියාවට අපනයනය කරනුයේ ඩොලර් බිලියන 42 ක භාණ්ඩ පමණි.

ඉන්දීය වෙළෙද ඇමති වහාම වොෂින්ටන් වෙත පියාසර කිරීමට හා බදු ප්‍රතිපත්ති වලට අදාළ ට්‍රම්ප් ගේ ප්‍රධාන උපදේශකයා හමුවීමට ද තීන්දු කොට තිබේ.

එහෙත් කැනඩා හා මෙක්සිකානු නායකයන් ට්‍රම්ප් හමුවී කළ සාකච්ඡා වලින් පවා ට්‍රම්ප් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට නොහැකිවූ පසුබිමක ඉන්දියානු ඇමතිවරයාගේ වොෂින්ටන් සංචාරයෙන් ඉන්දියාවට මහගු ප්‍රතිළුල ලැබෙතැයි සිතීම අසීරුය.
 

තෙවන බදු දැළකුත් එන බව "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" කියයි...?

cfghyr567

මේ අතර ඇමෙරිකාවේ ප්‍රධානම ආර්ථික සඟරාව හා වෙබ් අඩවිය වන "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" එළිදක්වා තිබුණේ තුන්වන බදු වටයක් ද පැමිණීමට නියමිත බව හා එම වටයට දකුණු ආසියාව ප්‍රමුඛ ආසියානු රටවල් ඉලක්ක වන බවය.

එනම් බංකොලොත් බවින් මිදෙන්නට දගලන ශ්‍රී ලංකාවටත් ට්‍රම්ප් ගේ බදු නමැති කඩු පහර එල්ලවීමේ අවධානමක් පවතින බව ඉන් ඉගි කොට තිබිණ.

ලංකාව වසරකට ඩොලර් බිලියන 03 කට වැඩි අපනයන ඇමෙරිකාවට යවන අතර ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ ඩොලර් මිලියන 350 ක පමණ භාණ්ඩ පමණි.

ඒ අතර වාහන හා එම අමතර කොටස් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ලංකාව පසුගියදා වාහන ආනයනයේදී පෙර තිබූ බදු වලටත් වඩා ඉතා ඉහළ බදු ප්‍රතිපත්තියකට යාම ඇමෙරිකාව කෙසේ තේරුම් ගනීද යන්න ගැටලුකාරීය.

ජපානය ගැන නිහඬ පිළිවෙත කුමක්ද....?

mndfker

ඇමෙරිකාවට වැඩිම වාහන යවන රට ජපානය වුවද තවම එරටට අදාළ බදු ප්‍රතිපත්තිය එළිදැක නැත.

එම ජපන් වාහන වලින් අති බහුතරයක් ඇමෙරිකාවේදී එකලස් කිරීම ඊට හේතුව වන්නට බැරි නැත.

 තවද හොන්ඩා සමාගමඩො බිලියන 500 ක් ඇමෙරිකාවේ ආයෝජනය කිරීමට සැරසීම තවත් හේතුවක් වන්නට පුළුවන.
 


ජනතාවට පොරොන්දු දේ කරන ට්‍රම්ප්ගේ අදීන රාජ්‍ය තාන්ත්‍රිකත්වය.....!

ට්‍රම්ප් උත්සාහ කරනුයේ ඇමෙරිකාවට මෙතෙන් ලෝක යුද්ධ හා වෙළෙද ගනුදෙනු වලදී ඇතිවූ අසාධාරණයක් වේ නම් එය නිවැරද කොට ඇමෙරිකානු ආර්ථිකයට වෙනත් කිසිදු රටකට කිට්ටු වන්නටවත් බැරිවන ලෙස වඩාත් ශක්තිමත් කිරීමය.

ඡන්ද වලදී ජනතාවට කී දේ ට්‍රම්ප් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට පසුබට නොවීම ජනතාවට කී දේ ඒ අයුරින්ම ඉටුකරන අදීන රාජ්‍ය නායකත්ව සංකල්පය ලොවටම ඔප්පු කොට පෙන්වීමකි.

Ashoka Jayathunga(සටහන | අශෝක ජයතුංග)
නිදහස් මාධ්‍යවේදී
වොෂින්ටන් DC සිට..

Ashoka Jayatunga ගේ ෆේස්බුක් පිටුවෙන්..

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්