leader s

සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කර දින 100ක කාලයක් සාර්ථකව ජීවත් වූ පුද්ගලයෙකුට, ඔහු ප්‍රතිකාර ලැබූ රෝහලින් පිටව යාමට හැකිවූ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු , නිව් සවුත් වේල්ස්හි පදිංචි මොහු අවුරුදු 40 ක් වයසැති පුද්ගලයෙක්.

ඔහු දරුණු හෘදයාබාධයකින් පෙළෙමින් සිටියදී, සිඩ්නි අගනුවර ශාන්ත වින්සන්ට් රෝහලේදී පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා මෙම සැත්කම සිදු කර තිබෙනවා.

ඒ,  හෘද උරස් හා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය පෝල් ජෑන්ස්ගේ මූලිකත්වයෙන්.

පැය 6ක ක්‍රියා පටිපාටියකින් යුතු මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය ජෑන්ස් පවසා ඇත්තේ, එවැනි ඓතිහාසික හා පුරෝගාමී ඕස්ට්‍රේලියානු වෛද්‍ය සන්ධිස්ථානයක කොටස්කරුවකු වීමට ලැබීම භාග්‍යයක් බවයි.

''අපි වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් කටයුතු කළා. මෙය සිදු කළ ඕස්ට්‍රේලියාවේ පළමු කණ්ඩායම වීම ගැන අපි අතිශයින් ආඩම්බරයි''

BiVACOR (බයිවකෝර්) නම් මෙම සම්පූර්ණ කෘතිම හදවත, ක්වීන්ස්ලන්තයේ උපත ලබා ඇති වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් ( Daniel Timms ) විසින් සොයා ගන්නා ලද්දක්.

නිරෝගී හදවතක ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කිරීම සඳහා චුම්භක තාක්ෂණය භාවිත කරමින් මිනිස් හදවතක් සඳහා සම්පූර්ණ ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි ලොව පළමු බද්ධ කළ හැකි භ්‍රමණ රුධිර පොම්පය ලෙස මෙය සැලකෙනවා.

( newsfirst Chathurika Jayasundara)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්