leader s

යුක්රේනයේ බලශක්ති මර්මස්ථානවලට පහර නොදෙන බවට පුටින් පවසා පැය කිහිපයකට පසුව රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ දේපලවලට හානි කරගනිමින් ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇත.


යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව විසින් ඉලක්ක කළ ස්ථානවලට රෝහල් ද ඇතුළත් බව ය. අඟහරුවාදා [මාර්තු 18] ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමේදී රුසියානු නායකයා පුළුල් සටන් විරාමයක් ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය.

යුක්රේනයට සහය දක්වන පාර්ශවයන් හමුදා ආධාර ලබාදීම නැවැත්වුවහොත් පමණක් පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක වනු ඇතැයි පුටින් ට්‍රම්ප්ට පැවසූ අතර, මෙම කොන්දේසිය යුක්රේනයට සහය දක්වන යුරෝපීය ප්‍රර්ශවයන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

රුසියාවේ දකුණු දිග ක්‍රස්නොදෝර් හි බලධාරීන් පැවසූයේ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා තෙල් ගබඩාවක සුළු ගින්නක් හටගෙන ඇති බව ය.

seleski යුක්රේනයට සහය දක්වන පාර්ශවයන් හමුදා ආධාර ලබා දීම නැවැත්වුවහොත් පමණක් පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක වනු ඇතැයි පුටින් ට්‍රම්ප්ට පැවසූ අතර, මෙම කොන්දේසිය යුක්රේනයට සහය දක්වන යුරෝපීය ප්‍රර්ශවයන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

බලශක්ති යටිතල පහසුකම්වලට පහරදීම නැවත්වීමට පුටින් එකඟ වී පැය කිහිපයක් තුළ සුමි හි රෝහලක් ද ඇතුළුව "විශේෂයෙන් ම මහජනතාව භාවිත කරන යටිතල පහසුකම්වලට පහරදීම," සිදු ව ඇතැයි සෙලෙන්ස්කි පැවසුවේ ය.

කඩා වැටුණු රෝහල් කොටසෙන් දුම නැඟී එන ආකාරය දැක්වෙන දර්ශන ප්‍රාදේශීය ආණ්ඩුව විසින් පළ කර ඇති අතර, කිසිඳු ජිවිත හානියක් සිදු නොවූ බව බලධාරීහු තහවුරු කළහ.

ට්‍රම්ප් සහ පුටින් අතර ඇමතුමෙන් පසු පැය කිහිපය ඇතුළත රුසියාව යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 40 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ බව සෙලෙන්ස්කි පැවසීය.

"අපේ බලශක්ති අංශය, අපේ යටිතල පහසුකම් සහ යුක්රේනියානුවන්ගේ සාමාන්‍ය ජීවිතය රුසියාව රාත්‍රියේ එල්ල කරන මේ වගේ ප්‍රහාරවලින් විනාශ වෙනවා,"සෙලෙන්ස්කි පැවසුවේ ය.

"අද පුටින් සම්පූර්ණ සටන් විරාමයක් සඳහා වූ යෝජනාව ඇත්ත වශයෙන් ම ප්‍රතික්ෂේප කළා."

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේ එක් රැයක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 57ක් විනාශ කළ බවත්, ඒවායින් 35ක් කර්ස්ක් දේශසීමා කලාපයට ඉහළින් තිබී ඇති බවත් ය.

යුක්රේනයේ දේශසීමාව ආසන්නයේ රුසියානු බලප්‍රදේශයක් වන බෙල්ගර්ඩ් හි ආණ්ඩුකාරවරයා පැවසුවේ තත්ත්වය " දුෂ්කර" බව ය. අඟහරුවාදා [මාර්තු 18] යුක්රේන හමුදා බෙල්ගර්ඩ් හි බිමේ ප්‍රහාර ආරම්භ කර පසුව පසු බැස ඇති බව මොස්කව් පැවසුවේ ය.


hospitalකඩා වැටුණු රෝහල් කොටසෙන් දුම නැඟී එන ආකාරය දැක්වෙන දර්ශන ප්‍රාදේශීය ආණ්ඩුව විසින් පල කර ඇති අතර, කිසිඳු ජිවිත හානියක් සිදු නොවූ බව බලධාරීහු තහවුරු කළහ.
ට්‍රම්ප් සමඟ කළ අපේක්ෂා සහගත දුරකථන ඇමතුමකින් පසුව, පුටින් යුක්රේනයේ ක්ෂණික හා සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රතික්ෂේප කළ අතර, බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර නැවැත්වීමට පමණක් එකඟ වූයේ ය.

ට්‍රම්ප්ගේ කණ්ඩායම සෞදි අරාබියේ යුක්රේනියානුවන් සමඟ සාකච්ඡා කළ මාසයක පුළුල් සටන් විරාමයට එකඟ වීම පුටින් ප්‍රතික්ෂේප කළේ ය.

යුක්රේනය සම්බන්ධයෙන් ඇමරිකානු සාකච්ඡා ඉරිදා [මාර්තු 23] සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිත බව මැද පෙරදිග ඇමරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් පැවසීය.

රුසියානු බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලින් 80%ක් විනාශ වී ඇතැයි පසුගිය සැප්තැම්බර් මාසයේදී සෙලෙන්ස්කි පැවසීය.
රුසියානු බලප්‍රදේශයේ, තෙල් හා ගෑස් පහසුකම්වලට කියෙව් සිට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.


| BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්