leader s

මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

 


| මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය නිසා දිය ඇල්ලක් බවට පත් වූ බැංකොක්හි පිහිනුම් තටාකය


එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.

චීනයට සහ තායිලන්තයට ද භූකම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.

මරණ සහ තුවාල ලැබූ ගණන ඉහළට

මේ වන විට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 29 සෙනසුරාදා උදෑසන 10.30 පමණ වන විට තත්ත්වය) පුද්ගලයින් 1002 දෙනෙකු මියගොස් 2376 දෙනෙකු තුවාල ලබා ඇති අතර 30 දෙනෙකු අතුරුදහන් වී ඇති බව මියන්මාර හමුදා ප්‍රධානීන් පවසා තිබේ. ලැබෙමින් පවතින තොරතුරු මත මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යා හැකි බවට ඉඟි පළවෙමින් ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.

මෙය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය ගණනය කරනු ලබන්නේ කම්පනයේ තීව්‍රතාවය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනගහනය ඇතුළු අනෙකුත් සාධක මත ය.

භූ කම්පනය තායිලන්තය ඇතුළු අසල පිහිටි රටවල්වලට ද දැනුණු අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මියන්මාරයේ සහ තායිලන්තයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයේ මැන්ඩලේහි සිටින මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, සිදුව ඇති "හානිය අතිමහත්" බව ය.

"මරණ සංඛ්‍යාව ත් තරමක් වැඩියි. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන නිසා අපට දැනට කියන්න පුළුවන් එච්චරයි," ඔවුහු පවසති.

"තුවාල ලැබූ සංඛ්‍යාව තවම නිශ්චිතව ම කියන්න බැහැ, නමුත් එය අවම වශයෙන් සිය ගණනක් කියලා කියන්න පුළුවන්."

"සැලකිය යුතු හානියක්" සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය ද පවසයි.

"අපි අත් දෙකෙන් හාරලා මිනිස්සු හොයන්නේ," මැන්ඩලේහි සිටින තවත් කණ්ඩායමක් බීබීසී වෙත පැවසීය.

මරණ සංඛ්‍යාව හෝ හානියේ සම්පූර්ණ ප්‍රමාණය අපි තවමත් නොදනිමු.

මියන්මාරයේ කලාප හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගොඩනැගිලි සහ මාර්ග දැඩි ලෙස හානි වී ඇති ආකාරය ඡායාරූපවල දැක්වේ.

හානිය කොතරම් දුරට පැතිරී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් භූමිකම්පාව කොතරම් දුරට දැනී ඇති ද යන්න අපි සිතියම්ගත කර ඇත්තෙමු.

අපි තවමත් නොදන්නා බොහෝ දේ ඇති නමුත් නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිති.

dr656

මියන්මාර හමුදා නායකයාගෙන් ජාත්‍යන්තර ආධාර සඳහා දුර්ලභ ඉල්ලීමක්

මේ අතර, මියන්මාරයේ ජුන්ටා රජය ජාත්‍යන්තර උදව් සඳහා ඉල්ලීමක් නිකුත් කර තිබේ. එය මෑත වසරවලදී බටහිර රාජ්‍යවල දැඩි සම්බාධකවලට ලක් වූ හුදකලා පාලනයකින් කෙරෙන දුර්ලභ ඉල්ලීමකි.

මියන්මාරයේ ජුන්ටාවේ ප්‍රධානී මින් අවුන් හ්ලයින් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබ ඇත.

"මම ආරාධනා කරන්න කැමතියි, ඕනෑ ම රටකට, ඕනෑ ම සංවිධානයකට, එහෙමත් නැත්නම් මියන්මාරයේ ඉන්න ඕනෑ ම කෙනෙකුට ඇවිල්ලා උදව් කරන්න කියලා. ස්තූතියි," යැයි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ, "විදේශ ආධාර සඳහා සියලු මාර්ග විවෘත කර ඇති" බව ද සඳහන් කරමිනි.

මේ අතර, මියන්මාරයට බටහිර දෙසින් පිහිටි එක් රටක් වන ඉන්දියාව, අද (මාර්තු 29) උදෑසන භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආධාර පැකේජ යවා තිබේ.

cghrg


බැංකොක්හි ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් 100 දෙනෙක් අතුරුදන්

y554g
බැංකොක්හි ද වැඩ නිම නොකළ උස් ගොඩනැගිල්ලක් කඩා වැටුණු අතර එහි ද ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී. අතුරුදන් වූ කම්කරුවන් ගණන 100 දක්වා ඉහළ ගොස් ඇති අතර හය දෙනෙකු මිය ගොස් ඇති බව පළාත් පාලන නිලධාරීහු පවසති.

තායිලන්තයේ විගණකාධිපති කාර්යාලයේ මූලස්ථානය සඳහා ඉදි කෙරෙමින් තිබුණු එම ගොඩනැගිල්ල වෙත මාර්තු 28 උදෑසන සේවකයින් 400කට වැඩි පිරිසක් සේවයට වාර්තා කළ නමුත් පිටතට පැමිණ ඇත්තේ 300ක් පමණි.

තායි රජය පවසන්නේ, තමන් එම ස්ථානයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ය.

ඉන්ටර්නෙට් හරහා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් බලමුලු ගැන්වීමට නියෝග කර ඇති බවත්, සහන උපකරණ සහ යන්ත්‍රෝපකරණ සකස් කරන ලෙස ආපදා මධ්‍යස්ථානවලට නියෝග කර ඇති බව ත් ය.

ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, එහි සිටි 6 දෙනෙකු මියගොස් සිටිය දී හමුව තිබේ.

මෙය තවමත් නිල තහවුරු කර නොමැති වුවද, අතුරුදහන් වූ කම්කරුවන්ගෙන් සමහරක් බුරුම ජාතිකයන් බව විශ්වාස කෙරේ.

සම්පූර්ණ මරණ සංඛ්‍යාව පැහැදිලි නැති අතර, දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දිගට ම කටයුතු කරන බැවින්, සිද්ධිය වූ ස්ථානයේ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා තිබේ.

rt45gg| මියන්මාරයේ අසල්වැසි රටවලට කම්පනය දැනුණු ආකාරය සිතියමේ දැක්වේ

| BBC සිංහල සේවය


සබැඳි පුවත් :

මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්