leader s

ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන බව, නිවේදනය කර තිබේ.


අගමැති ඇන්තනි ඇල්බනීස් මේ බව දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මත විමසුම් අනාවැකි පළ කරන්නේ, රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

මීළඟ රජය පිහිටුවීමට නම්, ජයග්‍රහනය කරන පාර්ශ්වයට ස්වාධීන මන්ත්‍රීවරුන් හෝ සුළු පක්ෂ සමඟ වැඩ කිරීමට සිදුවනු ඇති බව, විශ්ලේෂකයින් පවසති.

QUEANBEYAN, AUSTRALIA - JULY 02:  A view of voters in the electorate of Eden-Monaro on July 2, 2016 in Canberra, Australia. Voters head to the polls today to elect the 45th parliament of Australia.  (Photo by Martin Ollman/Getty Images)

 

ජීවන වියදම් ගැටලු මෙවර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල මාතෘකාවක් වනු ඇතැයි, අපේක්ෂා කෙ‌රෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අගමැති “ඇන්තනී ඇල්බනීස්” කියා සිටියේ, ජීවන වියදමට විසඳුම් ලබා දෙන බවයි.

 



කෙසේ වුවද, විපක්ෂ නායකවරයා තර්කකර ඇත්තේ වත්මන් රජය ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට ඡන්දය දීම අනිවාර්ය වන අතර, දේශපාලනය සාම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වීම සිදුවේ.

බහුතර රජයක් පිහිටුවීමට නම්, අගමැති අසුන් ගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150 න් අවම වශයෙන් 76 ක් දිනා ගැනීමට අවශ්‍යවේ.


| silumina


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්