leader s

පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර තාවකාලික අතුරු ආබාධවලට ලක්වීමෙන් පසු III වන චාල්ස් රජු බ්‍රහස්පතින්දා (මාර්තු 27) සුළු වේලාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බව බකිංහැම් මාලිගය පැවසීය.


අනතුරුව රජු ක්ලැරන්ස් මන්දිරයට නැවත පැමිණි අතර, එහිදී ඔහු රජයේ ලිපිගොනු සම්බන්ධ රාජකාරි කිරීම සහ ඔහුගේ රාජකාරියට අදාළ දුරකතන ඇමතුම් ද ලබාගෙන ඇත. කෙසේ වෙතත්, වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරමින් ඔහු සිකුරාදා බර්මිංහැම්හි නිරත වීමට තිබූ සංචාරයක් අවලංගු කර තිබේ.

76 හැවිරිදි චාර්ල්ස් රජු, රාජකාරි 4ක් සඳහා එහි යාමට සැලසුම් කර තිබිණි.

මාලිගය ප්‍රථම වරට රජු පිළිකා රෝගයකින් පෙළෙන බව නිවේදනය කළේ, 2024 පෙබරවාරි මාසයේදී ය.

බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, බ්‍රහස්පතින්දා තානාපතිවරුන් තිදෙනෙකු සමග පැවති රැස්වීම්වලට ද මෙම රෝගී තත්ත්වය නිසා බලපෑම් එල්ල වූ බව ය.

"හෙට දිනයේ ඔහු බර්මිංහැම්හි මහජන කටයුතු හතරකට සහභාගි වීමට සැලසුම් කර තිබුණු අතර මෙම අවස්ථාවේදී ඒවා මග හැරීම ගැන ඔහු අතිශයින් කනගාටුවට පත්ව සිටී," මාලිගාව නිකුත් කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය.

2 prince charlesJPG

"එම උත්සව නැවත සංවිධානය කිරීමෙන් පසු ඒවාට සම්බන්ධ වීමට හැකි වනු ඇතැයි රජු බලාපොරොත්තු වන අතර, සංචාරය සැලසුම් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියලු දෙනාට ම ඔහුගේ බලවත් කනගාටුව පළ කරයි."

මාලිගාවේ මූලාශ්‍රයක් එය විස්තර කළේ, "බොහෝ දුරට නිවැරදි දිශාවට ගමන් කරන මාර්ගයක ඇති ඉතාමත් සුළු බාධකයක්" ලෙස ය.

ඔහුගේ අතුරු ආබාධ මොනවා ද යන්න පිළිබඳව මාලිගාව වැඩිදුර තොරතුරු ලබා දී නැත.

බ්‍රහස්පතින්දා උතුරු ලන්ඩනයේ වෙම්බ්ලිහි පැවති පිළිගැනීමේ උත්සවයකට කැමිලා රැජිණ සහභාගී වූ අතර ඇය රජු රෝහලේ රැඳී සිටි කෙටි කාලය තුළ එහි නොසිටියා ය.

මාලිගාව මෙම පුවත නිකුත් කිරීමෙන් පසු, අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර්ගේ ප්‍රකාශිකාවක පැවසුවේ, "රජුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන" බව ය.


specking chalesබදාදා බකිංහැම් මාලිගයේ පැවති පිළිගැනීමේ උත්සවයකදී චාල්ස් රජු අමුත්තන් සමග කතා කරමින්
බර්මිංහැම් සංචාරය කල් දැමීම රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෙනත් ආකාරයකින් ශුභවාදී චිත්‍රයක් ලෙසත් කෙටි පසුබෑමක් ලෙසත් ඉදිරිපත් කර ඇතැයි මාලිගාවෙන් ලද පණිවිඩයේ යටිපෙළ අර්ථය හරහා ගම්‍ය වෙයි.

කිසිදු නාට්‍යාකාර සිදුවීමක් නොවිණි. ඔවුන් ගිලන් රථයකින් නොව මෝටර් රියකින් මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් ක්ලිනික් රෝහලට ගිය අතර, සිකුරාදා සංචාරය කල් දැමීම, වඩා ඥානවන්ත බවට තීරණයක් ගැනීමෙන් පසු රාත්‍රියේ නිවේදනය නිකුත් විය.

අවසාන මොහොතේ අවලංගු කිරීමක් සමග එය විශාල සිදුවීමක් බවට පත් කරනවාට වඩා, පුවත් පළ වීමට පෙර සුළු ගැටලුවක් පිළිබඳව විනිවිදභාවයෙන් සිටීම ඥානවන්ත යැයි ඔවුන් සිතුවා විය හැකි ය.

ඔහුගේ පිළිකා ප්‍රතිකාර අඛණ්ඩව සිදුවෙමින් පවතින නමුත් රජුට තම අසනීප තත්ත්වය පාදක කරගෙන තමන් හඳුන්වනු දැකීමට අවශ්‍ය නොවන බව පෙනෙන්නට තිබිණි. ඔහු ජනතාව හමුවීමෙන් ප්‍රමෝදයට පත් වන බව පෙනෙන අතර කාර්ය බහුලත්වය සමග ක්‍රියාශීලි බව අඩු වීමේ කිසිදු සලකුණක් ද පෙන්නුම් කර නැත.

මෑත සති කිහිපයේදී, ඔහු උතුරු අයර්ලන්තයේ සංචාරයක නිතර වී සිටි අතර, ඔහු කැමති ම සංගීත නිර්මාණ ඇතුළත් ලැයිස්තුවක් ද නිකුත් කළේ ය. එපමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලීය දිනයට ද සහභාගී විය. පසුගිය වසරේ පිළිකා රෝගී තත්ත්වය හඳුනා ගැනීම හේතුවෙන් එම වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය දින උත්සවයට සහභාගි වීමට නොහැකි විය.

මෑත සතිවලදී රජු අනපේක්ෂිත ලෙස ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සම්බන්ධ වීමත් සමග ඔහු වෙත දැඩි අවධානයක් යොමු වී ඇත.

8256

එක්සත් රාජධානියේ දෙවන වරටත් සංචාරය කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කළ ඔහු, ධවල මන්දිරයේදී ට්‍රම්ප් - යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග පැවති අසාර්ථක හමුවෙන් පසු රජු යුක්‍රේන ජනාධිපතිවරයා වෙත සිය සහයෝගීතාව පළ කළේ ය.

ට්‍රම්ප්ගේ පීඩනයට ලක්ව සිටින කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නිට ද ඔහු උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නේ ය.

ඒ කිසිවක් රජුගේ ශක්තිය අවසන් වෙමින් පවතින බවක් ඇඟවූයේ නැත. මෙම සතිය මුලදී නිවේදනය කරන ලද වතිකාන රාජ්‍ය සංචාරය කල් දැමීම, රජුට වඩා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍යය ගැන සිතා ගත් තීරණයක් වූ අතර ඔහුගේ ඉතාලියේ සංචාරය යොදාගත් පරිදි සිදුවනු ඇත.

තවදුරටත් සෞඛ්‍ය ගැටලු ඇති වීම බැහැර කළ නොහැකි බව හඳුනා ගත්ත ද, බකිංහැම් මාලිගයෙන් ලැබෙන පණිවිඩය නම්, ලබන සතියේ ඔහුගේ දිනපොතට අනුව රජු සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

සැලසුම් කළ වැඩසටහනේ යම් යම් වෙනස්කම් සහිතව රජුගේ පුළුල් ඉතාලි රාජ්‍ය සංචාරය අප්‍රේල් මාසයේදී බාධාවකින් තොරව සිදුකිරීමට නියමිත බව මාලිගාව මේ සතියේ පැවසීය.

රජුට ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක් ද යන්න මාලිගාව මේ දක්වා හෙළි කර නැත. ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී නැවත මහජන රාජකාරිවලට පැමිණියේ ය.

(සටහන | ජේම්ස් ග්‍රෙගරි සහ ෂෝන් කොග්ලන්)
බීබීසී

උපුටා ගැනීම | BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්