මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි ඌ හ්ලා තීන් බෞද්ධ විහාරයේ භික්ෂුන් වහන්සේලා 200ක් සිකුරාදා ඇතිවූ භූ කම්පනය නිසා උන්වහන්සේ වැඩ සිටි ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් අපවත්වී තිබේ.
කඩා වැටුණු ඌ හ්ලා තීන් ආරාමයේ මෙහෙයුම් සිදු කරන ගලවා ගැනීමේ සේවකයින් පැවසුවේ මියගිය භික්ෂූන් වහන්සේ 150කගේ සිරුරු තවමත් සොයමින් සිටින බවයි.
පසුගිය සතියේ මියන්මාරයේ ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති අතර පෙර පාසල් පන්ති කාමරයක් කඩා වැටීමෙන් දරුවන් 50 ක් මිය ගොස් ඇත.
රාමසාන් යාඥාවේ යෙදී සිටි මුස්ලිම්වරුන් 700ක් පෙර පාසලක දරුවන් 50ක් මියගිහින්
රාමසාන් උත්සවය වෙනුවෙන් පල්ලිවල යාඥා කරමින් සිටියදී මුස්ලිම්වරුන් හත්සියයක් එම ගොඩනැඟිලි කඩා වැටීම නිසා මරණයට පත්ව තිබේ.
මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ අසල කේන්ද්‍රස්ථානය වූ සිකුරාදා රිච්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවක් ඇති විය. එයින් නගරයේ ගුවන්තොටුපළට හානි වූ අතර, මාර්ග අවහිර වී පුළුල් ප්‍රදේශයක ගොඩනැඟිලි සිය ගණනක් කඩා වැටුණි.

මේ අවස්ථාවේ දී විනාශයේ පරිමාණය පිළිබඳව අපට ඇත්තටම පැහැදිලි නැති බව ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව සඳහා මියන්මාරයේ වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෝරන් එලරි ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබේ.
මධ්‍යම සහ වයඹදිග මියන්මාරයේ ගොඩනැඟිලි 10,000 කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී හෝ දැඩි ලෙස හානි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
( divaina | චතුර පමුණුව)






