leader s

ආනයනික මෝටර් රථ සඳහා අති‍රේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.


ආනයනික මෝටර් රථ හා ඇතැම් කොටස් කෙරෙහි 25%ක අතිරේක තීරු බද්දක් පනවන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

මෝටර් රථ කර්මාන්තය ඉහළ මට්ටමේ ගෝලීයකරණයකට ලක්ව ඇති කර්මාන්තයකි. සිය වාසි පිළිබඳ පමණක් සලකා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමෙන්, ගෝලීය මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බාධාවක් ඇති වන බවයි චීනය පවසන්නේ.

මේ හේතුවෙන් මෝටර් රථ මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එය ඇමරිකාව ඇතුළු විවිධ රටවල පාරිභෝගිකයන්ට වඩාත් පීඩනයක් ගෙන දෙනු ඇතැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පෙන්වා දෙනවා. එවන් තීරු බදු පියවර ලෝක ආර්ථික ප්‍රකෘතියට සෘණාත්මක බලපෑමක් ද වනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්