leader s

චීනය විසින් ඇමරිකානු නිෂ්පාදිතයන්ට අතිරේක වශයෙන් පනවන සියයට 34ක තීරුබදු අහෝසි නොකළහොත්, අද(09) සිට චීන නිෂ්පාදිතයන්ට පණවන තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව ප්‍රකාශ කළා. මෙමගින් ඇමරිකාව හිතාමතාම එල්ල කරන තර්ජනයේ සැබෑ මුහුණුවර අනාවරණය වන බවයි චීනය පෙන්වා දෙන්නේ.


චීනයට එරෙහිව අධික තීරුබදු පැනවීමේ පියවර පළමුව ක්‍රියාත්මක කළේ ඇමරිකාවයි. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය තුළ ඇමරිකාව යළි නිවැරදි මාර්ගයට ගැනීමට සිය පාර්ශ්වය ද ප්‍රති-පියවර ගත් බව චීනය පවසනවා. කෙසේ වුවද ඇමරිකාව අයුතු ලෙස තීරුබදු ඉහළ දැමීමෙහි අඛණ්ඩව නියැළී සිටියහොත්, චීනය ද ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian  ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

 

කෙටිකාලීනව ගත් කල, ඇමරිකාවේ තීරුබදු උපක්‍රමය ලබන වසරේ මධ්‍යකාලීන මැතිවරණයට මුහුණ දීමේදී දේශපාලනික වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කළ දෙයක් බවයි චීනය පවසන්නේ.  දිගුකාලීන අරමුණු පිළිබඳව විමසීමේදී, චීනය ආර්ථික ගෝලීයකරණයේ ප්‍රධාන ප්‍රවර්ධකයෙකු වන බැවින්, පසුගිය දශක කිහිපය තුළ වර්ධනය වූ ගෝලීයකරණ ක්‍රියාවලිය පෙරළා දමා, එය තමන්ගේ නායකත්වයෙන් යළි ගොඩනංවා ගැනීම ඇමරිකාවේ වුවමනාව බව චීනය සඳහන් කරනවා.

iStock 1056780444 r3qa2ovn433a8xkjv2w9bikt5swb8rjps8puxnptag

 

කෙසේ වෙතත්, ඇමරිකාව සහ චීනය අතර මෙම වෙළඳ යුද්ධය ඇඹුණේ පසුගිය 2018 වසරේ සිටයි. එතැන් සිට චීන ආර්ථිකය දැඩි ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව චීන රජය පෙන්වා දෙනවා. චීනය ඇමරිකාවට සිදු කරන අපනයනය, එරට සමස්ත අපනයනයෙන් සියයට 19.2 සිට සියයට 14.7ක් දක්වා පහත ගොස් තිබෙනවා. එබැවින් ඇමරිකාවේ මෙම අසාධාරණ තීරුබදු පැනවීම චීනයේ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොකරන බවයි චීනය පෙන්වා දෙන්නේ.

මීට අමතරව, මේ වනවිට චීනයේ නිසි ආර්ථික ප්‍රතිපත්තිමය සැකසීම්, ඇමරිකාවේ තීරුබදු යුද්ධයට ශක්තිමත්ව මුහුණ දිය හැකි ලෙස සකස් කර තිබෙනවා. අඛණ්ඩව ලෝක ආර්ථික සංවර්ධනයේ ප්‍රබල බලවේගයක් වීම පිළිබඳව චීනයට පූර්ණ විශ්වාසයක් ද පවතින බව ඊයේ චීන මාධ්‍ය වාර්තා කර සිටියා. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියෙන් හානි සිදු වූයේ ඇමරිකාවටම බවත්, ඉදිරි මාස 12 තුළ ඇමරිකා ආර්ථිකයේ පසුබැසීමේ අපේක්ෂාව පිළිබඳ තක්සේරුව, සියයට 35ක් දක්වා ඉහළ දමා ඇති බවත් ඊට පෙර සිදු කළ තක්සේරු අනුපාතය සියයට 20ක් බවත් Goldman Sachs සමූහයේ වාර්තාවෙන් ද පෙන්වා දී ඇති බව චීන මාධ්‍ය වාර්තා කළා.

china tariffs y

 

ඇමරිකාව චීනයට කෙතරම් පීඩනයක් පැනවීමට උත්සාහ කළද, ඊට මනාව මුහුණ දීමේ පූර්ණ සූදානමක සිටින බව චීන රජය දැඩිව අවධාරණය කර සිටිනවා. ඇමරිකාව තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට දැඩි ප්‍රතිපියවර ගැනීමට පසුබට නොවන බවයි චීන රජය සිය ස්ථාවරය සඳහන් කරමින් කියාසිටින්නේ.

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්