leader s

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා පැනවූ  125% ක නව තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් නිදහස් කර තිබේ.

ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුලු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඒ අතරට ඇතුළත් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චීනයට පැනවූ නව තීරු බදු හේතුවෙන් දුරකථන සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අමෙරිකානු තාක්‍ෂණ සමාගම් කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබෙන බවය.

ඊට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවින්ය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්