මෙතෙක් ලොව ඕනෑම රටකට හිමි විශාලතම යුද නෞකාව, උතුරු කොරියාවේ නිපැදවෙමින් පවතින්නේ යැයි CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු රජයේ තොරතුරු දත්ත උපුටා දක්වමිනි.
ස්වාධීන චන්ද්‍රිකා සැපයුම්කරුවන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් ( Maxar Technologies and Planet Labs ) මගින්, අප්‍රේල් 6 වන දින ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් එය සනාත කර තිබේ.
එය කොරියානු නායක කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඇති ඕනෑම දෙයකට වඩා දෙගුණයකටත් වඩා විශාල විය හැකි බව CNN වාර්තා කරයි.
අදාළ චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරන්නේ, උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ නැම්පෝ නැව් තටාකයේ ජලයේ ඉදිවෙමින් පවතින නෞකාවය.
ඡායාරූපවලට අනුව පෙනෙන්නේ, මෙම නෞකාව ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වලට එරෙහිව භාවිතා කිරීම සඳහා සිරස් දියත් කිරීමේ නලවල මිසයිල රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති මිසයිල නෞකාවක් (FFG – Fast Frigate, Guided-Missile එනම්, මාර්ගෝපදේශ මිසයිල යාත්‍රා යනු ගුවන් ආරක්ෂක, නැව් නාශක සහ සබ්මැරීන් විරෝධී මෙහෙයුම් සඳහා සන්නද්ධ බහුකාර්ය යුධ නැව් ) විය හැකි බවයි.
මෙම නෞකාව ආසන්න වශයෙන් මීටර් 140ක් (අඩි 459ක්) දිගකින් යුක්තය .
( divaina | Kithsiri)
මුලාශ්‍ර පුවත් :
North Korea is making what could be its largest, most advanced warship ever, new satellite photos show






