leader s

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා (Ollanta Humala)  සහ බිරිඳ නදීන් හෙරෙඩියාට (Nadine Heredia) වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් වෙතින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 15) එරට අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.

මුලාශ්‍රය :

Peru's ex-president and first lady sentenced to 15 years jail


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්