leader s

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.


එම ත්‍රස්තවාදීන්ට සහ ප්‍රහාරයට සහාය දුන්නන්ට කිසිවකුටත් සිතාගත නොහැකි ආකාරයේ පිළිතුරුක්  දෙන බව ද  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, බිහාර් ප්‍රාන්තයේ මධුබානි ප්‍රදේශයේ පැවැති රැලියකදී ය.

 

 

කාශ්මීරයේ ඉන්දීය පාලනයට අයත් ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් එම ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි සංචාරකයන් 40 දෙනකුට පසුගියදා වෙඩි තැබූ අතර ඉන් 26 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් 25 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර එක් අයෙක් නේපාල ජාතිකයෙක් විය.

kashmir2342

 

ත්‍රස්ත ප්‍රහාරයට තිදෙනකු සම්බන්ධ බවත් ඉන් දෙදෙනකු පාකිස්තාන ජාතිකයන් බවත් ජම්මු කාශ්මීර පොලිසිය ඔවුන්ගේ ආසන්නතම රූපය මාධ්‍ය වෙත නිකුත් කරමින් පැවැසුවේය. හඳුනගන්නකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනමන බවද පොලිසිය සඳහන් කළේය.

දේශ සීමා වසා දමයි

000 43AP97T
ඒ සමග පාකිස්තානය සහ ඉන්දියාව ජලය බෙදාගත් ඉන්දු ජල ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් දේශ සීමා වසා දැමීමටත් ඉන්දීයා කටයුතු කළේය.

පාකිස්තාන ජාතිකයන්ට මෙතෙක් නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 27 වැනිදා සිටත්, වෛද්‍ය හේතුන් මත නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 29 වැනිදා සිටත් අවලංගු කිරීමට තීරණය කර ඇත.

එදිනට පෙර සියලුම පාකිස්තාන ජාතිකයන් ඉන්දියාවෙන් පිටව යා යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

 

ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීර් ප්‍රදේශයට 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දීය කැබිනට් කමිටුව ගත් තීරණ අනුව යමින් මෙලෙස සියලුම පාකිස්තාන ජාතිකයන්ගේ වලංගු වීසා බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

 5af71d635e6b3cace0686a4f46ab1d03f63a0441

 

ඉන්දියාවේ මෙම තීරණය පිළිතුරු දෙමින් පාකිස්තානයද නිදහස් කිරීමේ ක්‍රමවේදයකට යටත්ව නිකුත් කළ ඉන්දීය ජාතිකයන්ගේ වීසා අවලංගු කිරීමටත් පාකිස්තානයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ සිටින පිරිස 30 දක්වා අඩු කිරීමටත් කටයුතු කළේය.

එසේම ඉන්දීය ගුවන් සේවා සඳහා තම ගුවන් සීමාව වසා දැමීමටද පකිස්තානය තීරණය කළේය.

ඉන්දු ජාල ගිවිසුම අත්හිටුවීම පාකිස්තානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බවත් ඉන්දියාව සමග සියලුම වෙළෙඳ කටයුතු නතර කරන බවත් පකිස්තානය පැවැසුවේය. එහිදී ඉන්දියාව සමග තිබෙන ද්වී පාර්ශ්වික ගිවිසුම් සියල්ල අත් හිටුවීමටද පාකිස්තානය කටයුතු කළේය.


lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්