අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් (විපක්ෂ නායක) පරාජය පිළිගෙන ඇල්බනීස්ට සුබ පැතීමට ඇමතුමක් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවට ත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියද මෙවර මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවටත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබිණ.
මිලියන 18ක ඡන්දදායකයින් පිරිසක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණ.
ඇල්බනීස් නායකත්වය දෙන වාමාංශික කම්කරු පක්ෂය සහ පීටර් ඩටන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික ලිබරල් පක්ෂය අතර ඔස්ට්‍රේලියාවේ බලය බොහෝ කාලයක් තිස්සේ හුවමාරු විය.
PM Albanese hails 'vote for Australian values' after landslide election win - BBC






