"ඉන්දියාව සහ පකිස්ථානය "සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇතැයි" ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ජනාධිපති , ට්‍රම්ප් ඔහුගේ 'Truth Social' සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව කියා සිටියා.

"ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වූ දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පකිස්ථානය සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව නිවේදනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." ජනාධිපති ට්‍රම්ප් එහි සඳහන් කර සිටියා.
මේ අතර ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද (මැයි 09) පස්වරු 5.00 සිට සටන් විරාමයකට එළඹෙන බවයි.
ඉන්දියාව සහ පකිස්ථානය පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.






