leader s

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ.

දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත.

සති අන්තයේ ස්විට්සර්ලන්තයේ පැවති දැඩි සාකච්ඡාවලින් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ .

දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඒ අනුව, චීන භාණ්ඩ සඳහා වන තීරුබදු 145% සිට 30% දක්වා අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරනු ඇති බව වාර්තාවේ.

චීනය තීරුබදු 125% සිට 10% දක්වා අඩු කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට ඇමරිකාවට ඇතුළු වන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමෙන් පසු දෙරට අතර පැවති පළමු හමුව මෙය විය.

US and China reach agreement to slash tariffs by 115%

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්