leader s

දෙසැම්බර් මාසයේදී පැය හයක් රට යුද්ධ නීතිය යටතේ තැබීම හේතුවෙන් ධූරයෙන් ඉවත් කරන ලද යූන් සොක් යෝල් වෙනුවට නව ජනාධිපතිවරයකු

පත්කර ගැනීම සඳහා ජූනි 3 වන දින දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් (Lee Jae-myung)  ජයග්‍රහණය කර තිබේ.

61 හැවිරිදි ලී, ජයග්‍රහණය කළේ බලයේ සිටින කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පහසුවෙන් පරාජය කරමිනි.

මිලියන 52ක පමණ ජනගහනයක් සිටින දකුණු කොරියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස ලී ජේ-මියුන් අද (4) පස් අවුරුද්දක කාලයක් සඳහා දිවුරුම් දීමට නියමිතය.

රට ගැඹුරු කැලඹීමකට ඇද දැමූ සහ සමාජයේ ගැඹුරු බෙදීම් ඉස්මතු කළ යූන් ඉතිරි කර ගිය දේශපාලන හා ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ කාර්යය නව ජනාධිපතිවරයාට පැවරෙනු ඇත.

එපමණක් නොව මෙම මැතිවරණය පැවතියේ, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය සහ ලෝකයේ අඩු ම උපත් අනුපාතයට මුහුණ දීම වැනි දිගුකාලීන අභියෝග රැසක් ද ඇති පසුබිමක ය.


ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වෙන්නේ ඇයි?


යූන් සොක් යෝල් 2027 දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නියමිතව සිටි නමුත් ඔහුගේ ධූර කාලය අපකීර්තියෙන් අවසන් විය.

"රාජ්‍ය විරෝධී බලවේග" සහ උතුරු කොරියාවේ තර්ජන ගැන සඳහන් කරමින් දෙසැම්බර් 3 වන දින ඔහු යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ඔහු එරට වැසියන් කම්පනයට පත් කළේ ය. නමුත් එය ඔහු තමා මුහුණ දී සිටි දේශපාලන අර්බුද මුල් කරගෙන ගත් පියවරක් බව ඉක්මනින් ම පැහැදිලි විය.

සතියකට පසු, පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරිණි. අප්‍රේල් 4 වන දින, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ඔහුට එරෙහි දෝෂාභියෝගය තහවුරු කර ඔහුව ස්ථිරව ම ධූරයෙන් ඉවත් කළේ, නීතියෙන් නියම කර ඇති පරිදි දින 60ක් ඇතුළත හදිසි ජනාධිපතිවරණයක් පැවැත් වීම සඳහා වේදිකාව සකසමිනි.

යූන්ගේ යුද්ධ නීතිය පැනවීමේ සිද්ධියෙන් පසු ගත වූ කැලඹිලි සහිත මාස පහ තුළ, රටට වැඩබලන ජනාධිපතිවරුන් තිදෙනෙකු සිටි අතර, මෑත කාලීනව පත් වූ ජනාධිපතිවරයා වූයේ මැතිවරණයට මාසයකට පෙර එම තනතුර භාරගත් කම්කරු අමාත්‍ය ඊ ජන්-හෝ ය.

යූන්ගෙන් පසු වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමෙන් සති කිහිපයකට පසු දෝෂාභියෝගයට ලක් වූ අගමැති හන් ඩොක් සූ වෙනුවට ඊ පත් විය.

මාර්තු මාසයේදී හන් නැවත සේවයේ පිහිටුවීමට පෙර මුදල් අමාත්‍ය ච්වෙ සං-මොක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

මුලාශ්‍ර :

South Korean opposition wins presidency after months of political chaos

Opposition's Lee Jae-myung wins South Korean election after months of martial law chaos

 


සබැඳි ලිපි :

හිටපු ජනපති පාක්ෂිකයෝ දකුණු කොරියානු අධිකරණයක් වනසති

'නෑ මම කියන්නෙම නෑ'-  අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනපති ප්‍රශ්න කිරීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් අත්අඩංගුවට

දකුණු කොරියානු අධිකරණයකින් හිටපු ජනපතිට වරෙන්තු

කවුද මේ දකුණු කොරියාවේ නව වැඩ බලන ජනපති?

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සිය දිවි නසා ගැනීමේ තැතක

දකුණු කොරියානු ජනපතිට ගෙදර යන්න වෙන ලකුණු

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්