leader s

ලෝකයේ දේශපාලනිකව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් සිය සමාජ මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.

මෙම සීතල යුද්ධය සමාජ මාධ්‍යවලින් පිටතට පැමිණ ක්‍රියාමාර්ගමය වශයෙන් උණුසුම් වෙයිද?

මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවදානය මේ සම්බන්ධයෙන් යොමුව තිබේ.

මේ අතර ව්‍යාපාරික ඊලෝන් මස්ක්, අමෙරිකාවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් ක්‍රියාත්මක කර ඇත.
 
musk
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විරසකය, තීවුර වී ඇති පසුබිමකයි.  

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇද්දැයි, සිය එක්ස් ගිණුම හරහා මිලියන 200 කට අධික අනුගාමිකයින්ගෙන් ඔහු විමසා තිබිණ.

ඊට ඔහුගේ අනුගාමිකයින් මනාපය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.

දෙදෙනා අතර විරසයක ආරම්භ වූයේ, නව තීරු බදු පනතට ඊලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමගයි.
 
musk456
ඒ සම්බන්ධයෙන් තමා කළ කිරීමට පත්ව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එක්ස් සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප්, ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.
 
 
ට්‍රම්ප්ගේ මේ බදු තීරණත් සමග ටෙස්ලා කොටස් මිල 14% පහත වැටුනු අතර, ට්‍රම්ප් එවැනි පියවරකට ගියහොත් ඊලෝන් මස්ක්ගේ ව්‍යාපාර වලට දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
 
 
දෙදෙනා අතර පවතින අර්බුදය හේතුවෙන් ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිල පසුගිය 05 වනදා 14%කින් පහතවැටී තිබුණි. ඉන් සමාගමට අහිමි වූ වෙළෙපොළ වටිනාකම ඩොලර් බිලියන 150කට අධිකය.

මේ අතර ඊලෝන් මස්ක්, ට්‍රම්ප් ට අභියෝග කරමින් ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආයුතු බවට අදහස් දක්වා ඇත.

මෙවැනි තත්ත්වයන් හමුවේ ට්‍රම්ප් සහ මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
musk 2985
ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එරට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමාන් කිසිදු තැකීමක් නොකරන  බවය.

ඊලෝන් මස්ක් ටෙස්ලා සමඟ හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙහිදී ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්