leader s

අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ

ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම වැටලීම හරහා ෆෙඩරල් ආගමන නිලධාරින් භාවිතා කරන බලය සහ ලේඛනගත නොකළ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබදව ගැටලු‍ව උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා වල සදහන් වේ.

මෙම වැටලීම් පිළිබදව සමාජ මාධ්‍ය තුළ පැතිර යාමත් සමග විවිධ පාර්ශව ඊට විරෝධය පළ කළ අතර අවසානයේදී විරෝධතා ආරක්ෂක අංශ සමග ගැටුමක් දක්වා උත්සන්න විය.  

 එහිදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

කෙසේ වෙතත් විරෝධතා පාලනය සදහා ලොස් ඇන්ජලීස් පොලිසිය කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විදෙස් වාර්තා පැවසුවේ, විරෝධතාකරුවන් රථවාහානවලට ගිනි තබා දේපළ විනාශ කිරීමද කර ඇති බවය.

aruna.lk

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්