leader s

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.


විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ

මේවනවිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, ඊයේ (10) සිව් වන දිනටත් විරෝධතා පැවැත්විණ.



ට්‍රම්ප් තවත් භටයින් 2000ක් යොදවයි

සංක්‍රමණිකයින් සොයා කරන ලද වැටලීම්වලට එරෙහි විරෝධතා මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආරක්ෂක භටයින් 2,000ක් යොදවා තිබේ. ඒ අනුව, මේ වන විට ආරක්ෂක භටයින් 4000ක් සේවයට යොදවා තිබේ.

ඊට අමතරව, ලොස් ඇන්ජලීස් ප්‍රදේශය ආශ්‍රිතව මැරීන් භටයින් 700 දෙනෙකු ස්ථානගත කරමින් සිටින බව ද පෙන්ටගනය තහවුරු කරයි.

 

los angeles 1
ආගමන නීති බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් නගරය පුරා වැටලීම් සිදු කරමින් සිටින බව අනාවරණය වීමෙන් පසු සිකුරාදා (ජූනි 06) ලොස් ඇන්ජලීස් නගරයේ විරෝධතා ආරම්භ විය.

සඳුදා (ජූනි 09) පොලිසිය විරෝධතාකරුවන් ආසන්නයට පැමිණ, ලොස් ඇන්ජලීස් නගරයේ වීදි පුරා විසිරී සිටි ජනකායට රබර් උණ්ඩවලින් වෙඩි තැබීය.

අභ්‍යන්තර නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදයේ හමුදා භටයින් සම්බන්ධ වීම අතිශයින් අසාමාන්‍ය දෙයක් වන අතර, තමන්ගේ අවසරයකින් තොරව ජාතික ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව අධිකරණයට ගොස් ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, මරයින් භටයින් යෙදවීම සම්බන්ධයෙන් ද අධිකරණයට යන බවට අභියෝග කරයි.

curfew13123

 

ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ටැම්පා, ෆ්ලොරීඩා, බොස්ටන්, මැසචුසෙට්ස් සහ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ඇතුළු අනෙකුත් නගරවල සංක්‍රමණ වැටලීම් සහ සමූහ පිටුවහල් කිරීම්වලට එරෙහිව ද විරෝධතා ආරම්භ වී තිබේ.

මේ අතර, ලොස් ඇන්ජලීස්හි නගරාධිපතිනි කරෙන් බාස් ඉල්ලා ඇත්තේ, 'වැටලීම් නතර කරන' ලෙස ය.

 



X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ, "ලොස් ඇන්ජලීස්වල දැන් ඇත්තට ම බියක් තියෙනවා. දෙමාපියන්, කම්කරුවන්, ආච්චිලා සීයලා, තරුණයින් තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්න බය යි," යනුවෙනි.

"මේක සංක්‍රමණිකයන්ගේ නගරයක්. වොෂින්ටනය අපේ ජනතාවට, අපේ අසල්වැසි ප්‍රදේශයට සහ අපේ ආර්ථිකයට පහර දෙනවා," ඇය තවදුරටත් සඳහන් කර තිබිණි.

karen bass
(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්