උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉන්දියාවේ කේදර්නාත් ධාම් හින්දු කෝවිලේ සිට ගුප්තකාෂි දක්වා පියසාර කළ හෙලිකොප්ටරයක් මෙලෙස ගෞරි කුන්ද් වන්දනාමාන ප්‍රදේශයේ වනාන්තරයකට කඩා වැටී ඇත.
මෙම හෙලිකොප්ටර් යානය ආර්යන් ඒවියේෂන් සමාගමට අයත් එකක් යැයි පැවැසෙයි.
අනතුරින් හෙලිකොප්ටරයේ ගුවන් නියමුවාද මියගොස් ඇති බවත් ගුවන් යානය කඩා වැටීමත් සමග එහි ගින්නක් හටගෙන ඇති බවත් ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
කෙදර්නාත් ප්‍රදේශයෙන් හෙලිකොප්ටර් යානය පෙරවරු 5.20 ට පමණ ගමන් ආරම්භ කර ඇති බවත් විනාඩි 10 ක පමණ කාලයක් ගතවෙත්ම යානය කඩාවැටී ඇති බවත් පැවැසෙයි.
ගුවන් නියමුවා හැර හෙලිකොප්ටරයේ ගමන් ගත් අනෙක් සයදෙනා වන්දනාකරුවන් බවත් ඒ අතර මාස 23 වයසැති බිළිඳියකට සිට ඇති බවත් ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
හෙලිකොප්ටරය කඩා වැටීමත් සමග චාර් ධම් ප්‍රදේශයේ හෙලිකොප්ටර් සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවත් හෙලිකොප්ටර් යානය කඩාවැටීමට හේතුව එම ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණික තත්වය බව විශ්වාස කරන බවත් ඉන්දීය බලධාරීහු පැවැසූහ.
පසුගිය ජූනි 12 දා Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 241 දෙනෙකු සහ එය කඩා වැටුණු ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
( lankadeepa.lk | විමුක්ති එස් රුද්‍රිගු)






