leader s

විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මැයි මස ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය දැනුවත් කරමින් මේ බව සඳහන් කළා.


වඩාත් සක්‍රිය සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමත් සමග ගතවූ මැයි මස බලපෑ විවිධ තත්ත්වයන් මධ්‍යයේ චීන ආර්ථික මෙයෙවීම ස්ථාවර තත්ත්වයක පවතිනවා. නිෂ්පාදන අවශ්‍යතාවන් ස්ථිර ලෙස වර්ධනය වී රැකියා නියුක්තිය සමස්තයක් වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවති බවද අදාළ නිලධාරීන් පැවසුවා.

 

chinabe567u67

අදාළ දත්තයන්ට අනුව, කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. ඉන් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තය හා අධි තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය කැපී පෙනේ. ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 5.8කින් වැඩි වූ අතර එය අ‍ප්‍රේල් මාසයට වඩා සියයට 0.61 කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගතවූ මැයි මාසයේ දී, චීන ජාතික සේවා කර්මාන්තයන්හි නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 6.2% කින් ඉහළ ගොස් තිබෙනවාඑමෙන්ම, වෙළඳපොළ අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා.

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්