leader s

ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයට සහ ඊශ්‍රායල බුද්ධි අංශවලට අයත් ගොඩනැගිලි සංකීර්ණයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

 
ඊශ්‍රායලයේ හර්ස්ලියා හි පිහිටි මොසාඩ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයකට සහ මෙහෙයුම් මධ්‍යස්ථානයකට ඉරානය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇතැයි අද දහවල් වාර්තා විය.  හර්ස්ලියා නගරය පිහිටා ඇත්තේ තෙල් අවීව් දිස්ත්‍රික්කයේ උතුරු දෙසට වන්නට ය.
 
ඊට අමතරව ඉරානය, ඊශ්‍රායලයේ ග්ලිලොට් ප්‍රදේශයේ පිහිටි අමාන් යනුවෙන් හඳුන්වන ඊශ්‍රායලයේ හමුදා බුද්ධි විධානයට ද ප්‍රහාර එල්ල කර ඇත.
 
මෙම ඉලක්කවලට පහර දුන් බවට ඉරානයේ විප්ලව ආරක්ෂක බලකාය උපුටා දක්වමින් මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබූ නමුත් ඊශ්‍රායලය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබිණි.
 
ඉරානය එල්ල කරන ලද ප්‍රහාර එල්ල වී තිබුණේ බස් රථ අංගනයකට යැයි ද ඉරාන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබිණි.
 
cfgdrrr| ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය
 
ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීමේ පූර්ව පියවරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ සිකුරාදා අලුයම් කාලයේ දී ඊශ්‍රායලය, ඉරානයේ ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළේ ය.
 
ඉරාන වාර්තාවලට අනුව මේ වනවිට එම ප්‍රහාරවලින් සහ පසුව එල්ල වූ ප්‍රහාරවලින් 200කට වැඩි පිරිසක් මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
 
ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රධාන පෙළේ හමුදා නායකයන් මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිපදෙනකුම මියගිය බව වාර්තා විය.
 
ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම තම රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ඊශ්‍රායලය දිගින් දිගටම අවධාරණය කරයි. මෙම තර්ජනය අවසන් වන්නේ කවදාද ඒ වනතෙක් මෙම මෙහෙයුම් දියත් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ‍එම ප්‍රහාරවලින් පසුව ප්‍රකාශ කළේ ය.
 
ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්, ඉරානය පසුගිය සිකුරාදා දහවල් කාලයේ දී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කළ අතර ඉන් අනතුරුව දිගින් දිගටම ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල යොදාගනිමින් ප්‍රහාර එල්ල කරන්නට ගත්තේ ය.
 
ඊශ්‍රායල ද දැන් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර, ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් ආරම්භ වූ මෙම යුද්ධය මේ වනවිට පස්වැනි දිනටත් දිග්ගැස්සෙමින් තිබේ.
 
රටවල් දෙකම මේ වනවිට ජනාකීර්ණ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් සිටියි.
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්