කොන්දේසි විරහිතව යටත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත පවසන අතරේ ඉරානයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 'හයිපර්සොනික්' මිසයිලයක් එල්ල කර ඇත.
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සිටින තැන තමන් දන්නා බවත් එම ස්ථානය ඉතා පහසු ඉලක්කයක් බවත් ය.
කෙසේවෙතත් දැනට ඔහුව ඝාතනය කිරිමට අපේක්ෂා නොකරන බව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරිමට, අවශ්‍යතාවයක් නැති නමුත් අමෙරිකාවේ ඉවසීම මේ වනවිට ඉක්මවා යමින් ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තබා ඇති සටහනේ සඳහන් වේ.
ඉරානය ගුවන් අවකාශයේ සම්පූර්ණ පාලනය ද අමෙරිකාව සතු බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ගුවන් හමුදාවට වඩා සිය ගුවන් හමුදාව ශක්තිමත් බව ද පවසා තිබේ.
(මුලාශ්‍රය | News1st + BBC සිංහල)
මෙම පුවතට අදාල වැඩිදුර විස්තර :
BBC සිංහල සේවය සජීවී වාර්තාකරණය






