leader s

පරිශීලක නාම, මුරපද ඇතුළුව පෞද්ගලික දත්ත බිලියන 16කට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ අනාවරණය වී ඇතැයි ද මේ හේතුවෙන් සයිබර් ආරක්ෂාව විශාල තර්ජනයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 
සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සහ පර්යේෂණ කරන සයිබර්නිව්ස් (Cybernews) කරන ලද විමර්ශනයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
 
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ මේ වසර මුලදී වන අතර, දත්ත බිලියන ගණනින් ඇති දත්ත සංචිත (databases) ගණනාවකින් මෙලෙස තොරතුරු පිටතට කාන්දු වී ඇති බවත් මේවා පරණ දත්ත නොව දැනටමත් මේ කාන්දුවීම් සිදුවෙමින් පවතින බවත් අදාළ පර්යේෂකයන් සඳහන් කර ඇත.
cyber news
 
මෙම දත්ත එකිනෙකාට විරුද්ධව හෝ යමකුගේ පෞද්ගලිකත්වයට හානි කිරීම සඳහා භාවිත කළ බවත්, මෙම පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත.
 
ඇපල්,ගූගල්,ෆේස්බුක් යනාදී ලොව ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවාවලට පිවිසීමට භාවිත කරන පරිශීලක නාම සහ මුරපද ඇතුළුව විශාල තොරතුරු ප්‍රමාණයක් මෙලෙස පොදු අවකාශයට නිරාවරණය වී ඇති බව මෙම පර්යේෂකයන් සොයාගෙන තිබේ.

මෙය තොරතුරු සොරාගන්නා වෛරස මෘදුකාංගයකට සම්බන්ධ විය හැකි බවත් දැනට ඇති තොරතුරුවලට අනුව රහස්‍ය සහ පෞද්ගලික තොරතුරු ඒ අවස්ථාවේදී සොරාගැනීමට ලක්වන බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ පර්යේෂකයෝ සඳහන් කර ඇත.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්