leader s

පකිස්ථානයේ ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාප්‍රාප්ත වී ඇත.


මිය යන විට ඇය 76 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ.

ඇයගේ දේහය දින කිහිපයකට පසු ඇය පදිංචිව සිටි නිවස තුළ තිබී සොයා ගෙන ඇත.  නිවස ආසන්නයෙහි දැඩි දුර්ගන්ධයක් පවතින බවට අසල්වැසියෙක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අයේෂාගේ දේහය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, අයෂා ඛාන්ගේ මරණය සිදුව ඇත්තේ දින කිහිපයකට පෙර අතර මරණයේ නිවැරදි වේලාව සහ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බවයි.

1948 නොවැම්බර් 22 දින උපත ලැබූ අයෂා ඛාන්, පාකිස්තානු රූපවාහිනියේ වාසනාවන්ත යුගයකදී කලාංගනයට පිවිසෙමින් දැඩි ජනප්‍රියත්වයට පත්විය.

ඇය රඟපෑ නාට්‍ය අතර Akhri Chattan', 'Tipu Sultan: The Tiger Lord', 'Dehleez', 'Daraarein', 'Bol Meri Machli', සහ 'Ek Aur Aasman'. වැනි නාට්‍ය වඩාත් ජනප්‍රිය වී තිබේ.

එමෙන්ම ඇය "මස්කාන්", "ෆාතිමා" යන චිත්‍රපටවලද රංගනයෙන් දැක්වූ අතර ඉන්දියාවේ ජනප්‍රිය "රාජු බන් ගයා ජෙන්ට්ල්මන්" චිත්‍රපටයටද දායක වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

| hirunews

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්