ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් "ගැඹුරු කණගාටුවක්" ඇති කරන බව
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (Islamic Revolutionary Guard Corps -IRGC) සඳහන් කරයි.
"අද දින ත්‍රස්තවාදී ඇමරිකානු පාලන තන්ත්‍රයේ ආක්‍රමණශීලී ක්‍රියාව, ආක්‍රමණශීලී සන්ධානයේ මායාකාරී ගණනය කිරීම්වලට වඩා ඔබ්බට ගිය විකල්ප ඇතුළුව, සිය ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජයට ලබා දී ඇත," ඉරානයේ රාජ්‍ය අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන ටස්නිම් (Tasnim) හි ප්‍රකාශයට පත් කරන ලද IRGC ප්‍රකාශයක සඳහන් විය.
ඉරානයේ සාම්ප්‍රදායික හමුදාවට සමාන්තරව බලගතු හමුදාවක් වන IRGC, මැද පෙරදිග පුරා විහිදෙන ඉරාන නියෝජිත ජාලය පුහුණු කර, සන්නද්ධ කර, අවශ්‍ය අරමුදල් ද සපයා ඇත.
"ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මෙම පූර්ණ පරිමාණ දෙමුහුන් යුද්ධයේ යථාර්ථයන් පිළිබඳව හොඳින් දන්නා අතර ට්‍රම්ප්ගේ හෝ වොෂින්ටනය සහ ටෙල් අවිව් පාලනය කරන අපරාධ කල්ලිවල ශබ්දයෙන් කිසි විටෙකත් බියට පත් නොවනු ඇත" යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් විය.
"ආක්‍රමණිකයන් ගැඹුරු කණගාටුවට හේතු වන ප්‍රතිචාර අපේක්ෂා කළ යුතුය," යනුවෙන් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය.
| CNN - මොස්ටාෆා සාලෙම්
මෙම පුවතට අදාල තවදුරටත් විස්තර :
ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු, 'සදාකාලික ප්‍රතිවිපාක' ගැන ඉරානයෙන් අනතුරු ඇඟවීම්






