අවධානයෙන් පසුවන ලෙස ලොව පුරා සිටින ඇමරිකානුවන්ගෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, ඒ ගැන සඳහන් කරමින්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු පුරවැසියන් සඳහා ලොව පුරා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ ඇත.
* ඉරානයට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් "පාලන වෙනසක්" ගැන ඉඟි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සඳහන් කළේය:
"වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන තන්ත්‍ර වෙනසක් සිදු නොවන්නේ ඇයි?"
ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඉල්ලීමක් කර කළේ ය.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර එල්ල කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ටෙහෙරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන ඇතුළු ඉලක්ක විශාල ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.
ඉරානය නිල වශයෙන් ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නැති අතර බීබීසී මාධ්‍යවේදීන්ට රට තුළ සිට වාර්තා කිරීම සීමා කර ඇති බැවින් ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම දුෂ්කර වේ.
ඉරාන - ඊශ්‍රායල් යුධ ගැටුමට අදාල සජීවී වාර්තාකරණය






