කටාර් රාජ්‍යයේ තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි
බී.බී.සී. පුවත් සේවයට දැනගන්නට ලැබී තිබේ.
කටාර් රාජ්‍යයේ, අල්-උදෙයිද් හි පිහිටි ගුවන් මෙහෙයුම් කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි මෙලෙස බී.බී.සී පුවත් සේවයට වාර්තා වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික වැඩබිම්වලට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වනු ඇතැයි වාර්තා වන අතර මේ හේතුවෙන් සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීමට ද කටාර් රාජ්‍යය පියවර ගෙන තිබේ.
ගුවන් තොටුපොළ ද මේ වනවිට ප්‍රහාරයකට මුහුණ දීමට සූදානමින් විමසිල්ලෙන් සිටින බව වාර්තා වේ.
අල්-උදෙයිද් යනු මැද පෙරදිග තිබෙන ඇමෙරිකාවට අයත් විශාලතම හමුදා කඳවුර ලෙස සැලකෙන අතර කටාර් රාජ්‍යයේ දෝහාවලට තරමක් පිටතින් පිහිටා තිබේ. මෙය ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ද කටයුතු කරයි






