ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර "පූර්ණ" සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සෑම රටක් ම තම හමුදා මෙහෙයුම් "ක්‍රමයෙන් අත්හිටු වූ" පසු "දැන් සිට ආසන්න වශයෙන් පැය හයක් ඇතුළත" සටන් විරාමය ආරම්භ වන බව ට්‍රම්ප් පැවසීය.
ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වී ඇති බව එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයේ ඇමෙරිකානු ප්‍රවෘත්ති සහකරු වන සීබීඑස් වෙත පැවසීය.
ඉරානය ප්‍රතිචාර දක්වයි
නමුත්, ඉරානය පවසන්නේ කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.
කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.
කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු කඳවුරු වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාර
ඇමෙරිකානු හෝ කටාර් ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු නොවූ බව පවසන ට්‍රම්ප්, ඉරාන ප්‍රතිචාරය "ඉතා දුර්වල" බව සඳහන් අතර ඒ පිළිබඳව "කලින් දැනුම් දීම" සම්බන්ධයෙන් ඉරානයට ස්තූති කළේ ය.

එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිඩ් කඳවුරට එල්ල කරන ලද සියලු ම මිසයිල වළක්වා ගත් බවත්, එම ප්‍රහාරය "ජාත්‍යන්තර නීති පැහැදිලිව හා බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්" බවත් කටාර් රාජ්‍යය පැවසීය.
ඉරානයේ ප්‍රතිචාරය පැමිණෙන්නේ ඉරානය තුළ ඇති න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමෙන් දින දෙකකට පසුවය.
| adaderana
මෙම පුවතට අදාල තවදුරටත් විස්තර
සබැඳි පුවත් :
හෝමූස් සමුද්‍ර සන්ධිය කුමක්ද? ඉරානයට එය වසා දැමිය හැකිද? සහ එය ලෝකයට බලපාන්නේ කෙසේද?
ඊශ්‍රායලයේ සහ ඉරානයේ රෝහල් දෙකකට එල්ල වූ ප්‍රහාර: ගෝලීය මාධ්‍ය වාර්තාකරණයේ තියුණු වෙනසට හේතුව






