leader s

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ සංවාදය හා සාකච්ඡාව ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය බවයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun අද (24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.


මැද පෙරදිග තත්ත්වය දෙස වැඩි අවධානයක් යොමු කරන චීනය, එහි තත්ත්වය අඛණ්ඩව උග්‍ර වීම කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසීය. කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කිරීම චීනයේ බලාපොරොත්තුවයි. එමෙන්ම දේශපාලන ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි මාර්ගයට වහාම පැමිණෙන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
 
ජගත් ප්‍රජාව සමග එක්ව මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට උපරිම දායකත්ව ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්