බොහෝ යුද්ධවලදී, සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමවලට එළඹෙන අතර, සමාජ මාධ්‍යවලින් සටන් විරාම ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ.
ඒ නිසා, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය අසාමාන්‍ය දෙයක් වන අතර එය බොහෝ දුරට එක්සත් ජනපදය විසින් පනවන ලද්දක්.
ඒ කියන්නේ අපැහැදිලි දේවල් ගොඩක් තියෙනවා. මේ සටන් විරාමය උල්ලංඝණය කිරීමක් කියන්නේ මොකක් ද?
ඊට දඬුවම කුමක් ද? එවැනි තත්ත්වයන් යටතේ නීත්‍යනුකූල පළිගැනීමක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?
උදාහරණයක් ලෙස, යේමනයේ හූති වැනි ඉරානයට සමීපව මිත්‍ර කණ්ඩායමක් ඊශ්‍රායලයට පහර දුන්නොත් කුමක් කළ යුතු ද? ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය නීත්‍යනුකූලව ඉරානයට පහර දෙයි ද? පහර දෙන්න පුළුවන් ද?
මෙම විරාමයේ කොන්දේසි යනු දෙපාර්ශවය ම ඔවුන්ගේ මිසයිල ප්‍රහාර නැවැත්වීමට වඩා වැඩි යමක් නොවන බව පෙනේ. ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ ද?
ඊට සහනයක් ලෙස ආර්ථික සම්බාධක ලිහිල් කිරීමක් ලබා ගත හැකි ද? තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න ගණනාවක් ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ප්‍රහාරවලින් විනාශ නොවූ බවට බුද්ධි අංශ කළ තක්සේරුව ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වෙයි.
නමුත් ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කරයි.
පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් සහ අනෙකුත් මාධ්‍ය වෙත හෙළි වීමෙන් පසු මේ බව අනාවරණය විය.

නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත්ය.
එමෙන් ම, බුද්ධි අංශ ඇගයීමකින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සැක පහළ වුව ද, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇමෙරිකානු හමුදා ප්‍රහාර මගින් "සම්පූර්ණයෙන් ම විනාශ වූ" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අවධාරණය කර තිබෙනවා.
කෙසේවුවද ට්‍රම්ප්ගේ දැඩි වාග් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් පවතින බව පෙනී යයි.
| ජේම්ස් ලැන්ඩේල්
BBC රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු
උපුටා ගැනීම් | බීබීසී සිංහල සේවය






