leader s

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් .

මෙම සැමරුම් උත්සවයට සමගාමී විශේෂ හමුදා ආචාර පෙළපාළියක් පැවැත්වුණා. එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා පෙළපාලිය ලෙසයි සැලකෙන්නේ. චීන ජනාධිපති ෂී ජින් පිං එහිදී කියාසිටියේ ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවයි. එමෙන්ම චීන ජාතිය යනු කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් බව ද ඔහු ප්‍රකාශ කළා. අනතුරුව ජනාධිපතිවරයා හමුදා ආචාර පෙළපාලිය නිරීක්ෂණය කළා.  සැමරුම් උත්සවයට සමගාමී විශේෂ හමුදා ආචාර පෙළපාළිය පැවැත්වුණේ ඉන් පසුවයි.

WhatsApp Image 2025 09 03 at 9.37.15 AM
ලෝකයේම අවධානය දිනා ගත් මෙම හමුදා පෙළපාලියට යුද, ගුවන් පාබල ආදී හමුදා උත්තමාචාර මෙන්ම විශේෂ යුද උපකරණ සහ ගුවන් යානා ප්‍රදර්ශනයක් එක් ව තිබුණා.

"පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය  කරමු" යන්න එහි ප්‍රධාන තේමාවයි. චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයෙන්, විදේශීය රාජ්‍ය නායකයෝ සහ රජයේ ප්‍රධානීහූ 26 දෙනෙක් මෙම උත්සවයට සහභාගී වී සිටියා.

 

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM
වසර අසූවකට පෙර, වසර 14ක දුෂ්කර අරගලයකින් පසු, චීන ජාතිය ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ සම්පූර්ණ ජයග්‍රහණය ප්‍රකාශය‍ට කළා. චීනය, දැවැන්ත ජාතික කැපකිරීම් සිදු කරමින්, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ නැගෙනහිර ප්‍රධාන සටන් බිමට සහාය දුන් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දුන්නා.

 

WhatsApp Image 2025 09 03 at 9.37.14 AM

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM 2

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM 1

 

සටහන- දිනූෂි ධීරසිංහ

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්