leader s

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80ක් සම්පූර්ණ වීම මුල් කරගනිමින් චීනය ඊයේ (3) දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.


චීනයේ ජනාධිපතිවරයා මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානිය ද වන ෂී ජින්පින්ග් ගේ අධීක්ෂණය යටතේ මෙම හමුදා පෙළපාලිය පැවැත්විණි.

විශේෂයෙන්ම, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය පරාජය කිරීම සිහිපත් කරමින් මෙම හමුදා පෙළපාලිය පැවැත්වුණු අතර ඉතිහාසය අමතක නොකළ යුතු යැයි ද මෙම හමුදා උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා පැවැසීය.

 

Front from left, Russian President Vladimir Putin, Chinese President Xi Jinping and North Korean leader Kim Jong Un arrive at a military parade to commemorate the 80th anniversary of Japan's World War II surrender in Beijing, China, Wednesday, Sept. 3, 2025. (Sergei Bobylev, Sputnik, Kremlin Pool Photo via AP)

මෙම හමුදා පෙළපාලිය නැරැඹීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු ලෝක නායකයෝ විස්සකට වැඩි පිරිසක් එක්ව සිටියහ. උතුරු කොරියානු නායකයා මෙවැනි අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

WhatsApp Image 2025 09 03 at 9.37.14 AM

මෙම හමුදා පෙළපාලියේ දී චීනය ඔවුන්ගේ නවතම අවි ආයුධ ලෝකයට පෙන්වූ අතර, ප්‍රහාරක ගුවන් යානා, යුද ටැංකි, න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිල, මෙන්ම නවීන ඩ්‍රෝන යානාද ප්‍රදර්ශනය කෙරුණි.  

මෙම පෙළපාලියට චීනයේ මහජන විමුක්ති හමුදාවේ, නාවික සහ ගුවන් හමුදාවේ 10,000කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

අමුත්තන් ඇතුළු මෙම පිරිස ඇමතූ චීනා ජනාධිපතිවරයා, ‘චීනය, සාමකාමී සංවර්ධනයේ මාර්ගය තෝරාගෙන ඇතැයි’ ඇතැයි පැවැසීය.

 

ෆැසිස්ට්වාදයට එරෙහි යුද්ධයේ දී චීනය, ‘ජපානයේ ආක්‍රමණය’ පරාජය කළ බව පැවැසූ චීන ජනාධිපතිවරයා ඊට සහාය දුන් විදේශවලට ස්තූතිය පළ කරන බව කීය.

කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා මෙහිදි ‘ඇමෙරිකාව’ නමින් සඳහන් නොකළේ ය.

යුද්ධයෙන් උගත් පාඩම් අදටත් වලංගු යැයි ද චීන ජනාධිපතිවරයා කීවේ ය.

 



“මනුෂ්‍යත්වය නැවත වරක් යුද්ධය ද සාමය ද, සංවාදය ද එදිරිවාදිකම ද, යන තෝරාගැනීමට මුහුණ දී සිටිනවා. එකිනෙකාට ප්‍රතිලාභ ගෙනෙන තෝරාගැනීමක් ද, නැතිනම් කිසිවකුට කිසිවක් නැති තෝරාගැනීමක් ද යන්නට මුහුණ දී සිටිනවා” යැයි චීන ජනාධිපතිවරයා කීය.

“චීන ජනතාව සෑමවිටම ඉතිහාසයේ සහ මානව ප්‍රගතියේ නිවැරැදි පැත්තේ හිට ගන්නවා. චීනය සෑමවිටම සාමකාමී සංවර්ධනයේ මාර්ගය තෝරාගන්නවා. ඒ වගේම මනුෂ්‍යත්වයට පොදුවේ බෙදාහදා ගත හැකි අනාගතයක් ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් ප්‍රජාවක් ගොඩනැගීමටත් ලෝකය සමඟ අත්වැල් බැඳගන්නවා” යැයි ද ඔහු කීවේ ය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්