leader s

නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.

නේපාල රජය මේ බව නිවේදනය කළේ ඉකුත් බ්‍රහස්පතින්දා (4) ය.

අන්තර්ජාලය තුළ පැතිර යන වෛරය, කටකතා සහ සයිබර් අපරාධ වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව නේපාල රජය නිවේදනය කර තිබිණි.

නේපාලය තුළ ලියාපදිංචි වීම සඳහා, එරට රජය සියලුම සමාජ මාධ්‍යවලට අවසාන දිනයක් ලබා දී තිබූ අතර එය බදාදා, එනම් සැප්තැම්බර් 3 වැනිදායින් අවසන් විය.

මෙම දිනය වනවිට ෆේස්බුක්, එක්ස් (ට්විටර්), ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, වට්ස්ඇප්, රෙඩිට්, සහ ලින්ක්ඩ්ඉන් යන සමාජ මාධ්‍ය බදාදා වනවිටත් ලියාපදිංචි වී නොතිබිණි.

නේපාලය තුළ ක්‍රියාත්මක සියලු සමාජ මාධ්‍ය, එරට සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බවත්, දේශීය නියෝජිතයකු පත් කළ යුතු බවත්, දුක් ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පුද්ගලයකු පත් කළ යුතු බවත්, එමෙන්ම ස්වයං-නියාමන කටයුතු සඳහා පුද්ගලයකු පත් කළ යුතු බවත් එසේ නොමැති නම් වසා දැමිය යුතු බවත් නේපාල රජය දන්වා තිබිණි.

කෙසේ නමුත් බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 4 වැනිදා සමාජ මාධ්‍යවලට ප්‍රවේශ විය හැකිව තිබූ බව ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.

“ලියාපදිංචි නොවන සියලු සමාජ මාධ්‍ය වේදිකා අද සිට අක්‍රීය වෙනවා” යැයි සන්නිවේදන අමාත්‍යාංශයේ ප්‍රකාශක ගජේන්ද්‍ර කුමාර් ඨාකූර් ප්‍රංශ පුවත් සේවයට එදින පැවැසීය.

“අපි ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදුන්නා. ඒ වගේම අපගේ ඉල්ලීමට අනුකූලව කටයුතු කරන්නැයි ඔවුන්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එම ඉල්ලීම නොසලකා හැරියා. ඒ නිසා නේපාලය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවසන් කරන්නට සිදු වෙනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාලයේ  සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යා ප්‍රිත්වි සුබා ගුරුන්ග් කීවේ ය.

මුලාශ්‍ර :

Nepal moves to block Facebook, X, YouTube and others

Nepal blocks citizens from accessing Facebook, X, YouTube, and dozens more

 

 

 


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්