leader s

නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයට සහ දේශපාලන තන්ත්‍රයේ දූෂිත පාලනයට එරෙහිව පැවැති විරෝධතා අතරවාරයේ දී තරුණ පිරිස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් 19 දෙනකු මරණයට පත්ව ඇත.


තමන් ජෙන් සී නැතිනම් ඉසෙඩ් පරම්පරාවට අයත් බව කියමින්, නේපාලයේ තරුණ පිරිස් සඳුදා, සැප්තැම්බර් 8 වැනිදා නේපාලයේ වීදිවලට පැමිණි විරෝධතා දක්වන්නට වූහ. රජය සම්බන්ධයෙන් දැඩි අසතුටට පත්ව සිටින බව දේශපාලන තන්ත්‍රයම දූෂිත බව චෝදනා කළ තරුණ පිරිස් නේපාල රජය සමාජ මාධ්‍යයට පනවා ඇති තහනමට ද විරෝධය පළ කළහ.

සමාජ මාධ්‍ය නේපාලය තුළ ලියාංපදිංචි නොවන්නේ නම් ඒව අවහිර කර, තහනම් කිරීමට පියවර ගන්නා බව නේපාල රජය පසුගිය සතියේ දී ප්‍රකාශ කළේ ය. ඒ අනුව ගෙවුණු සති අන්තය වනවිට ෆේස්බුක්, එක්ස් (ට්විටර්), සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කෙරුණි.


විරෝධතාකරුවන් කිහිප දෙනෙක් තාප්පය මතින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වූහ - මූලාශ්‍රය, GETTY IMAGES

සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ දැඩි නොසතුටට පත් වූ තරුණ පිරිස් සඳුදා විරෝධතාවලට එක්වූහ. සමාජ මාධ්‍ය තහනම් විරෝධතා ඇති වීමට මූලික හේතුවක් වූ නමුත්, එය ප්‍රධානම හේතුවක් නොවන බව නේපාල මාධ්‍ය වාර්තා කළේ ය.

නේපාලයේ ආණ්ඩු මාරු, දේශපාලන තන්ත්‍රය දූෂිත වීම, තරුණයන්ට අධ්‍යාපන සහ රැකියා අවස්ථා ඉතා සීමිත වැනි කරුණු ද ඇතුළු ව මුල් බැස ගත් හේතු නිසා මෙම විරෝධතා ඇති වී තිබෙන එම වාර්තාවලින් කියැවිණි.

තරුණ කණ්ඩායම් අතර කාලයක් මුළුල්ලේ පැවැති නොසතුටට, ඉච්ඡාභංගත්වය, කෝපය යනාදිය සමාජ මාධ්‍ය තහනමත් සමඟ තීව්‍ර වූ බව බොහෝදෙනාගේ අදහස වී තිබේ.

අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා ඇතුළු අකටයුතුකම් වැළැක්වීමට නම් සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවත් ඒවා වගවීමට ලක් කිරීම සඳහා ලියාංපදිංචි කළ යුතු බවත් ප්‍රකාශ කෙරුණි.

තහනම් කළ යුත්තේ සමාජ මාධ්‍ය නොව, වංචා හා දූෂණ බව ඊට ප්‍රතිචාර දක්වමින් නේපාල තරුණ පිරිස් ප්‍රකාශ කළ හ.

“ඉවසුවා ඇති”, “දූෂණයට තිත”, “සමාජ මාධ්‍ය තහනම හකුළා ගන්න”, “තහනම් කළ යුත්තේ සමාජ මාධ්‍ය නොවන දූෂණය” යැයි තරුණ පිරිස් සටන් පාඨ කීහ.


c802c590 8ca6 11f0 82aa 7d0865a885a4.jpgතහනමට එරෙහි අන්තර්ගතයන් තවමත් ක්‍රියාත්මක ටික්ටොක්හි ද වෛරල් වී ඇත


සබැඳි පුවත් :

නේපාලය සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් තහනම් කරයි: අපිටත් එහෙම වෙයි ද..? -නීතිඥ විරංජන හේරත්

නේපාලය Facebook, X, YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරයි


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්