ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රන්කොයිස් බේරෝ (Francois Bayrou) ධුරයෙන් නෙරපා හැරේ.
ඊයේ (08) රැස් වූ එරට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඒ පිලිබඳ විශ්වාශ භංගය සම්මත කෙරිණි.
සීග්‍රයෙන් ඉහල යන රාජ්‍ය ණය අර්බුදය සහ දින දින වර්ධනය වන උග්‍ර දේශපාලන ගැටළු කළමනාකරණය පිණිස, ප්‍රංශ පාර්ලිමේන්තුව ඊයේ, එරට සුළුතර ආණ්ඩු පක්ෂ බලය බිඳලීය.
ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් (Emmanuel Macron) ද ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය බල කර සිටී.
දෙවසරක් වැනි කෙටි කලක් තුළ, එරට සිව් වැනි අග්‍රාමාත්‍යවරයා ද ධුරයෙන් නෙරපා හැරීමට සිදුවීමෙන් ප්‍රංශ පාලන තන්ත්‍රය දේශපාලනිකව ද අඩපණ ව ඇත. ඉදිරි දින කිහිපය තුළ, ජනපතිවරයා විසින් එරට පස් වන අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට නියමිතය.

ප්‍රංශයේ මීළඟ රජයේ අතිශය භාර ධූර කාර්ය වන්නේ එලැඹෙන අය වැය සම්මත කර ගැනීමය. පක්ෂ වශයෙන් බොහෝ සෙයින් බෙදුණු, පාර්ලිමේන්තුවක, ඒ සම්බන්ධ බහුතර ඡන්දය ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බව එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු සභිකයින්ට රජය පෙරලීමට හැකි මුත්, සත්‍යය මකා දැමිය නොහැකි යැයි, ඊයේ තමන්ට එරෙහි විශ්වාශ භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ෆ්රන්කොයිස් බේරෝ පැවසීය.
නිර්දය සත්‍යය එලෙසින්ම පවතිනු ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාම මර්දනය කළ නොහැකි බවත්, උග්‍ර ණය අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල වර්ධනය වීමෙන් එහි බර ජනතාව මත පැටවීම කිසි ලෙසකින් හෝ නතර කළ නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
අද ඔහු සිය ඉල්ලා අස්වීම භාර දීමට නියමිතය.
ප්‍රංශය, යූරෝ කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/9/2025
මුලාශ්‍රය :
French parliament ousts prime minister, deepening political crisis







