leader s

ඊශ්‍රායලය විසින් අත්පත්  කරගත් ගාසා බටහිර ඉවුරේ, පලස්තීන ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.


අන්තවාදී යුදෙව් පදිංචිකරුවන්ගේ නිරන්තර කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන්, ජලය බෙදා හැරීමේ පද්ධති සහ මූලාශ්‍ර විනාශ වී ඇතැයි ද වාර්තා වේ.  

මේ හේතුවෙන්, ජල සැපයුම් නල පද්ධතිය සිඳී ගොස් ප්‍රදේශවාසීහු උග්‍ර පානීය ජල අර්බුයකින් පීඩා විඳිමින් සිටිති. වගා ජල සම්පාදනය ඇණහිටීමෙන් අවට කෘෂි බිම් ද පුරන්ව පවතී.

පලස්තීන අධිකාරියේ පරිපාලන බලය හිමි සුවිසල් නගරයක් වන, බටහිර ඉවුරේ රාමල්ලා (Ramallah) හි පදිංචි පලස්තීන වැසියන්, පානීය ජලය සොයා පොදු ස්ථාන වෙත ඇදී  එමින් ඇතැයි, රොයිටර්ස් කියා සිටී. ඔවුන් පදිංචි නිවෙස් වෙත ජල සම්පාදනය, සතියකට දෙවරක් පමණක් වශයෙන් සීමාව තිබේ.

 

h58o89o8o

වසරේ මුල් මාස හය තුළ පමණක්, යුදෙව් පදිංචිකරුවන් විසින් පානීය ජල ළිං, ජල නල පද්ධති, කෘෂිකාර්මික වාරිමාර්ග පද්ධති ඇතුළු ජල සම්පාදනය ආශ්‍රිත වෙනත් යටිතල පහසුකම් විනාශ කිරීම්වලට අදාළ සිද්ධීන් 62ක් වාර්තා වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි.  

යුදෙව් ජාතිකයින් විසින් හිතා මතා සිදු කෙරෙන එම කඩාකප්පල්කාරී ක්‍රියා පිලිබඳ බොහෝ පැමිණිලි ලැබෙන මුත්, මේ දක්වා කිසිවකු හඳුනා අත්අඩංගුවට ගෙන නැතැයි, ඊශ්‍රායල හමුදා පවසති.

 


ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් විනාශ කර දමා ඇති එම යටිතල පහසුකම් අතර, රාමල්ලා නගරයට කි.මී.10ක් ආසන්නයේ පිහිටි, එයින් සමියා (Ein Samiya) ජලසම්පාදන මධ්‍යස්ථානය සහ ඒ සමීපයේ පානීය ජල ඌලක් ද වේ. එමගින් තදාසන්න පෙදෙස් සහ අවට පලස්තීන ග්‍රාමීය ප්‍රදේශ 20කට පමණ ජල සම්පාදනය සිදු කෙරෙන බව බලධාරීහු පවසති.

අතීතයේ සිට පලස්තීනුවන් භාවිත කළ එහි උල්පත් සහ ජල මූලාශ්‍ර ඇතුළු ජල සම්පත් රැසක්, ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් ග්‍රීස්ම සෘතුවේ සිසිලන කටයුතු වෙනුවෙන් බලහත්කාරයෙන් අත්පත් කර පරිහරණය කෙරෙන බව පලස්තීනුවෝ චෝදනා කරති.

ඊශ්‍රායල පදිංචිකරුවෝ, ජලය බෙදාහරින මධ්‍යස්ථාන ආක්‍රමණය කර එහි අවේක්ෂණ පද්ධති විනාශ කරමින්, ජල නල කඩා බිඳ පලා යාම සුලබ සිදුවීමක් බවට පත්ව ඇතැයි, ඔවුහු කියා සිටිති.

isaralwhu4hruiew

 

ජල සම්පත් ආශ්‍රිත යටිතල පහසුකම්වලට හානි කිරීම බරපතල කරුණක්  බවත්, අනාගතයේ එවැනි හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඊශ්‍රායල හමුදා පවසති. ඊශ්‍රායලය විසින් පලස්තීන ජල සම්පාදන අධිකාරිය වෙත, විනාශයට පත් ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ අවසරය ලබා දී තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/10/2025

In the Israeli-occupied West Bank, Palestinian taps run dry

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්