උතුරු කොරියානු දේශ සීමාව අසල පිහිටි දකුණු කොරියානු හමුදා කඳවුරක පිපිරීමක් සිදුව තිබේ. අනතුරින් 7 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එරට වේලාවෙන් අද (10) ප.ව.3.30ට පිපිරීම සිදුව තිබේ.
හමුදා පුහුව පිණිස යොදා ගැනෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් අනතුරට හේතුව බවට සැක කෙරේ.
ඒ පිලිබඳ වැඩි දුර තොරතුර මෙතෙක් වාර්තා වී නැත. මේ වන විට, අනතුර වූ ස්ථානයේ ගිනි නිවන හමුදා ක්‍රියාත්මක බව එරට යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය පවසයි.
(සටහන | Reuters සහ YONHAP NEWS AGENCY ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/10/2025
Seven people hurt in explosion at South Korea military base, Yonhap says
An explosion at a South Korean military base in a region near the border with North Korea has injured seven peop...







