leader s

ඉකුත් අඟහරුවාදා (09) කටාර් රාජ්‍යය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයන් ඝාතනය නොවී නම්, අනිවාර්යයෙන් මීළඟ ප්‍රහාරයේදී ඔවුන් මරා දමන බව එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති, යෙචියෙල් ලෙයිටර් (Yechiel Leiter) පවසයි.

 

ත්‍රස්තවාදීන් ලෙස නම් කළ කිසිවකුට, මිහිපිට කිසිදු ස්ථානයක, ගැලවීමක් නැතැයි, ඔහු කියා සිටී. එක්සත් ජනපද කැපිටල් සංකීර්ණයේ පැවති දේශනයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඊශ්‍රායලය විනාශ කිරීමේ අරමුණින් කටයුතු කරන කිසිවකුටත් මුක්තියක් නැතැයි ද, ඔහු එහිදී අවධාරණය කළේය.  

ඉකුත් අඟහරුවාදා කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට රැස්වූ හමාස් නායකයින් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළහ.

පසුගිය සඳුදා (08) ඊශ්‍රායලයේ ජෙරුසෙලම් අගනුවර තදාසන්න පෙදෙසක බස් නැවතුමකදී, පුද්ගලයන් සය දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ වගකීම, හමාස් සංවිධානය විසින් පිළිගැනීමෙන් මඳ වෙලාවකට පසු, ඊශ්‍රායල හමුදා එම ප්‍රහාරය එල්ල කළහ.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර උණුසුම් දුරකථන වචන හුවමාරුවක් සිදුවී ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායලය සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයක් අතර ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීම උදෙසා අත්සන් කෙරුණු ඒබ්‍රහම් ගිවිසුමේ ( Abraham Accords) පස්වන සංවත්සරයට එක්වෙමින් අදහස් පල කළ එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලෙයිටර්, එහිදී කටාර් රාජ්‍යය දැඩි ලෙස විවේචනය කළේය. හමාස් ත්‍රස්තයින්ට සත්කාර කරමින්, ඔවුන්ට මූල්‍ය ශක්තිය පිරිනමමින් සිටිනවා හැර, කටාර් රාජ්‍යය මේ සිදු කරන්නේ අන් කවරක්දැයි, ඔහු ප්‍රශ්න කර සිටියේය.

althaniෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි

නුදුරේ දෝහා අගනුවර පැවැත්වෙන කලාපීය නායක සහ පාර්ශ්වකරුවන්ගේ හමුවේදී ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මෝහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ප්‍රකාශ කළේය.    


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

9/12/2025

මුලාශ්‍රය :

Israel will kill Hamas leaders next time if they survived Qatar attack, Israeli official says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්