leader s

එක්සත් ජනපද මැරයින් භටයෝ සති අන්තයේ පාකිස්ථානයේ කරච්චි නුවර එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වැටලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබූහ.  


එය විදෙස් රටක රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයක් වෙතින් වාර්තා වූ  දුර්ලභ සිදුවීමකි.

සෙනසුරාදා (28) සිදු වූ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ ඝාතනයෙන් කැළඹීමට පත් පාකිස්ථාන විරෝධතාකරුවෝ එරට එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වටලා උද්ඝෝෂණයේ නිරත වූහ.  

maw54g645

කරච්චි නුවර, ඉරිදා (1) වෙඩි තැබීම් හේතුවෙන් විරෝධතා කරුවන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. එම පුද්ගල මරණ, මැරයින් භටයින්ගේ වෙඩි තැබීම් හේතුවෙන් සිදුවී ද නොඑසේව, එම පරිශ්‍රය ආරක්ෂාවේ යෙදී සිටි පුද්ගලික ආරක්ෂක අංශ සහ පාකිස්ථාන පොලිසිය සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් සිදු වී දැයි  විමර්ශනය  කෙරෙන බව, එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාල නිලධාරීහු පැවසූහ.  

4690253 329619311

 

එහි සිටි ආරක්ෂක අංශ තමන් කවුදැයි හැඳින්වීමකින් තොරව වෙඩි තැබූ බව, ප්‍රාන්ත රජයේ ප්‍රකාශකයකු වන සුඛ්දෙව් අසර්දාස් හෙම්නානි පැවසීය.

එක්සත් ජපද කොන්සියුලර් පරිශ්‍රයන්හි දෛනික ආරක්ෂක කටයුතු පුද්ගලික කොන්ත්‍රාත් ආරක්ෂක අංශ සහ දේශීය රාජ්‍ය ආරක්ෂක අංශ  විසින් සිදු කෙරේ. වෙඩි තැබීමට අදාළ සිදුවීමට එක්සත් ජනපද මැරයින් භට පිරිස් සම්බන්ධවීම, එක්සත් ජනපදය, එම තත්ත්වය අතිශය බරපතල කරුණක් සේ අවධාරණය කිරීමකි.

ඉරානයට පසු, ලොව වැඩිම ෂියා මුස්ලිම් ජනගහනය වෙසෙන්නේ පාකිස්ථානයේ ය.

සෙනසුරාදා (28) ඉරානයට එරෙහි ප්‍රහාර දියත් වීමත් සමග, පාකිස්ථානයේ විරෝධතා මතු විය. අනවශ්‍ය ඒකරාශි වීම් වළකාලීමේ අරමුණින් රජය වහා තහනම් නිවේදන නිකුත් කළේය. විරෝධතා හේතුවෙන් රට පුරා පුද්ගල මරණ 26ක් වාර්තා විය.

 

39c3d17ac84beaf7a95baf3ee77c0fb89bdfa204

එරට එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය අවට රැස් වූ විරෝධතාකරුවෝ "ඇමෙරිකාවට මරණය," "ඊශ්‍රායලයට මරණය" යනුවෙන්  හඬ නැගූහ. ආරක්ෂක අංශ ඒ වෙත වෙඩි තැබූ අතර අවට වීදි වෙත කඳුළු ගෑස්  ප්‍රහාර ද එල්ල කළහ.

එක් විරෝධතාකරුවකු කොන්සියුලර් කාර්යාලය දෙසට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය විය. අනතුරුව වෙඩි වැදීමෙන් තුවාළ ලත් විරෝධතාකරුවන් පලා යන අයුරු ද එහි දිස් විය.

විරෝධතාකරුවන් වෙත වෙඩි තැබීම් සිදු කරන ලද්දේ කොන්සියුලර් කාර්යාල පරිශ්‍රය අභ්‍යන්තරයේ සිට බව කරච්චි පොලිසිය සඳහන් කළේය.

 

2026 03 01T081324Z 1 LYNXMPEM200VB RTROPTP 4 IRAN PAKISTAN PROTESTS
මහජන ඒකරාශි වීම් වලට එරෙහි රජයේ නිවේදන නොතකා ලාහෝර් සහ කරච්චි නගර වෙත හැකි තාක්  ජනතාව කැඳවන ලෙස ෂියා මුස්ලිම් නායකයෝ ඉල්ලා සිටිති.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටා තිබේ. ඊට අමතරව පෙෂාවෝර් සහ ලාහෝරයේ තවත් කොන්සියුලර් කාර්යාල දෙකක් පිහිටා ඇත.

කරච්චි හි එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලයට පිවිසෙන මාර්ගයේ දැඩි පොලිස් මුරකාවල් යොදා රැකවල්ලා තිබේ. ලාහෝරයේ සහ ඉස්ලාමාබාද් අගනුවර එක්සත් ජනපද තානාපති පරිශ්‍රයන් වෙත ද ඒ හා සමාන දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Exclusive: U.S. Marines fired on protesters storming consulate in Karachi, officials say

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්