ඉරාන ජනතාව ට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම පිණිස ජාත්‍යන්තරය දියත් කළ මෙහෙයුමට සහාය දක්වන බව
තායිවානය අද (3) පැවසීය. ඉතා ඉක්මනින් ඉරාන ජනතාවට සිය අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි, අපේක්ෂා කරන බව, තායිවාන විදේශ අමාත්‍යංශය කියා සිටියේය. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ සන්නද්ධ ක්‍රියාන්විතයට තායිවානයේ සහාය පල වී තිබේ.
එරට ජනපති, ලායි චින් තේ ඇතුළු ඉහළ පෙළ නායකයෝ, ඊශ්‍රායලය සේම තයිවානය ද ආරක්ෂක තර්ජනයකට ලක්ව ඇතැයි පවසති. චීනය ඊට අයිතිවාසිකම් කියමින් හමුදා බලපෑම් දැඩි කර තිබීම ඊට හේතුවයි.
ඊශ්‍රායලය සමීප ප්‍රජාතාන්ත්‍රික පාර්ශ්වකරුවකු බව තායිවානයේ පිළිගැනීමයි. 2023 ඔක්තෝබර මස ඊශ්‍රායලයට හමාස් ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව තායිවානය, ඊශ්‍රායලය වෙත ශක්තියේ දෑත දිගු කර සිටියේය. මේ වන විට දෙරට අතර ද් වී පා ර් ශ් වී ය සබඳතා වර්ධනය වෙමින් පවතී.
ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීම තායිවානය අනුමත කරන්නේ දැයි නැගූ පැනයකට පිළිතුරු දුන් එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු, තායිවානය ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයකු බව පැවසීය. ඉරාන ජනතාවට කඩිනමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අත්විඳීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව, ඔහු කියා සිටියේය.
කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ අනෙකුත් ගල්ෆ් රටවල් වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර තායිවානය දැඩි ලෙස හෙලා දකී.
අද, එරට පාර්ලිමේන්තුව අමතා කතා කළ තායිවාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය, ෆ්‍රැන්කොයිස් වූ, ඊශ්‍රායලයට අවශ්‍යව ඇත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම බව සඳහන් කළේය.
"ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තායිවානයේ මිතුරන්," යැයි ඔහු කියා සිටියේය.
තායිවානයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවතී. එහෙත්, වොෂින්ටනය එහි දිගුකාලීන පිටු බලය සහ අවි සැපයුම්කරු වේ.
ටෙහෙරානය, 1971 වසරේ මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් තැන් සිට, තායිවානය ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වයි.
(සටහන |Reuters ඇසුරින්; හ ර් ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(







