leader s

ක්වේට මුහුදු සීමාවට ඔබ්බේ නැංගුරම් ලා තිබූ ඉන්දන නෞකාවක් ඉරාන ප්‍රහාරයකට ලක්වේ.


මුබාරක් අල් කබීර් වරායට කි.මී.60ක් පමණ එපිටින් එම සිදුවීම වාර්තා විය. ප්‍රහාරයෙන් නෞකාව පිපිරීමට ලක් විය. නෞකාව සයුරේ ගිලෙමින් ඇතැයි, එක්සත් රාජධානි සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් සංවිධානය පැවසීය.

පිපිරීමත් සමග ඒ අසලින් කුඩා යාත්‍රාවක් ඉවත පලා යන අයුරු නෞකාවේ කපිතාන් වරයාගේ නිරීක්ෂණයට හසුව ඇත.

අනතුරින් ජලය මත විශාල තෙල් පැල්ලමක් පැතිර පවතී. එය මහා  පරිමාණ පාරිසරික ගැටළුවකට හේතු වෙතැයි බිය පල කෙරේ. නෞකාවෙන් ගින්නක් වාර්තා නොවන අතර කාර්ය මණ්ඩලයේ සියල්ල ආරක්‍ෂිත බව ද වාර්තා වේ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්