මැද පෙරදිග යුද්ධයෙන් අතරමං ව සිටින කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.
ඒ අනුව රජයේ මැදිහත්වීමෙන් මගී ගුවන් යානාහි ආසන වෙන් කිරීමට පියවර ගැනේ. ඒ සඳහා කුලී ගුවන් යානා යොදා ගැනීමට ද රජය අපේක්ෂා කරයි. අසල්වැසි දේශ සීමා රටවල් වෙත භූමිය මතින් අවශ්‍ය මගී ප්‍රවාහන සේවා සැපයීමටද කටයුතු කෙරේ.
පවතින යුද ගැටුම හේතුවෙන් 2000ක ට අධික කැනේඩියානුවන් පිරිසක් ඔවුන්, මැද පෙරදිග කලාපයෙන් වහා ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. ඉන් හරි අඩක් පමණ ඉල්ලීම් එක්සත් අරාබි රාජ්‍යයේ වෙසෙන කැනේඩියානුවන්ගෙනි. 237ක් කටාර් රාජ්‍යයේ සහ 164ක් ලෙබනනයේ කැනේඩියානු පුරවැසියන්ගෙනි.
ඊශ්‍රයලයේ වෙසෙන කැනේඩියානුවන් 93ක් සහ සහ ඉරානයේ 74 ක් ද වහා ඉවත් වීමට ඇවැසි බව ඉල්ලා ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened







