leader s

කටාර් රාජ්‍යයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයේ පදිංචි නේවාසිකයින් ඉන් ඉවත් කර ගැනීමට එම රජය ඊයේ (4)  පියවර ගත්තේය. විකල්ප ස්ථානයන්හි ඔවුන් තාවකාලිකව පදිංචි කිරීමට ද පියවර ගෙන තිබේ.


මේ අතර, මැද පෙරදිග අතරමං ව සිටින එක්සත් ජනපද පුරවැසියන් මුදා ගැනීමට කුලී ගුවන් යානා යෙදවීමට එම රජය විසින් කටයුතු කර තිබේ. කලාපයේ තවත් රටවල් කිහිපයක් වෙත ද අතිරේක ගුවන් යානා පිටත් කර හැරේ.

හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට අපේක්ෂා කරන ඉන්දන නෞකා සඳහා හැකි ඉක්මනින් ආරක්ෂාව ලබා දීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද බලශක්ති අමාත්‍ය, ක්‍රිස් රයිට් ඊයේ (4) පැවසීය.

 

මෙම  මොහොතේ, එක්සත් ජනපද නාවුක හමුදාව යුධ රාජකාරියේ නිරතව සිටින බවත්, කඩිනමින් ඔවුන් හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන ඉන්දන නෞකාවන්ට  අවශ්‍ය ආරක්ෂාව සැලසීමට පියවර ගනු  ඇති බවත් ඔහු කීය.

මේ අතර, මැද පෙරදිග යුද ගැටුම් මධ්‍යයේ සමුද්‍රීය වෙළඳාමේ යෙදෙන්නන් වෙත යළි රක්ෂණාවරණ සැපයීම පිලිබඳ සාකච්ඡා කිරීම පිණිස මාර්ෂ් මැක්ලෙනන් රක්ෂණ සමාගම එක්සත් ජනපද නිලධාරීන් හමු විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්