leader s

ඊශ්‍රායලය ඊයේ (4) සන්ධ්‍යාවේ ලෙබනනය වෙත තවත් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


ඉන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව සය දෙනෙක් තුවාළ ලදහ.

 

w65u56

ප්‍රහාරයට පෙර, ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා ප්‍රදේශවාසීන් වෙත දැනුම් දීම් නිකුත් කළහ. දකුණු ලෙබනන කලාප වෙතින් ඉවත්ව, උතුරේ ලිටානි ගංගා කලාපය වෙත වහා ඉවත් වන ලෙස එමගින් දැනුම්වත් කෙරිණි.

ඒ අනුව, 60,000කට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියහ. 2024 වසරේ ඊශ්‍රායල - හිස්බුල්ලා ගැටුමින් දස දහස් සංඛ්‍යාත ලෙබනන වැසියන්  පිරිසක් තවදුරටත්  අවතැන්ව සිටිති. දකුණේ තවත් ප්‍රදේශ රැසකින් වහා  ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් ලෙබනන වාසීන් වෙත දැනුම් දී තිබේ.

 

ඊශ්‍රායල හමුදා මේ වන විටත් දකුණු ලෙබනනයේ සහ ආශ්‍රිත දේශ සීමා කලාප රැසක් ආක්‍රමණය කර සිටිති.

බලපත්‍ර රහිතව ගිනි අවි සන්තකයේ තබා සිටි ලෙබනන ජාතිකයින් 26 දෙනෙක් ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත්වූහ. ඔවුන් හිස්බුල්ලා සාමාජිකයින්දයි මෙතෙක් තහවුරු කර නැත.

ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරකම් තහනම් කිරීමේ යෝජනාවක් සඳුදා (2) එරට  කැබිනෙට්ටුව හමුවේ සම්මත විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්