ෆිලිපීනය රජයේ කාර්යාල සඳහා වැඩ කරන දින හතරක සතියක් නිවේදනය කරයි. ඒ අනුව, රජයේ සේවක රාජකාරි සතිය සිව් දිනකට සීමා වේ.
මැද පෙරදිග ගැටළුව හමුවේ සීඝ්‍රයෙන් ඉහළ යන ඉන්දන අර්බුදය හේතුවෙන් රජය විසින් එම තීරණය ගෙන තිබේ. උද්ගත තත්ත්වය හමුවේ ඉන්දන පරිභෝජනය අවම කිරීම සහ ඉහළ යන ඉන්දන මිල කළමණාකරණය එහි අපේක්ෂාවයි.
සඳුදා ( 9) දා සිට නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බව එරට ජනපති කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් පැවසීය. විදුලි පරිභෝජනය අවම කිරීම ද නව පියවරේ එක් අරමුණකි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ ඉදිරි පෙළ රාජ්‍ය කටයුතු සාමාන්‍ය සහ පෙර පරිදි සිදු කෙරේ.
මැද පෙරදිග අර්බුදය හමවේ ලොව බොහෝ රටවල් වැඩිවන ඉන්දන මිල පාලනයට සහ බලශක්ති පරිභෝජනය අවම කිරීමට නවමු පියවර ගනිමින් සිටිති. ෆිලිපීනය එම ක්‍රියා දාමය අතරට එක් වූ නවතම ආර්ථිකය වේ.
(සටහන; NEWSWIRE ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
7/3/2026
මුලාශ්‍රය :
Philippine president orders 4-day work week in some gov't offices to save energy amid Mideast conflict







